අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගොවීන්ගේ අලෙවි කරගත නොහැකි කෘෂි නිෂ්පාදන රජයේ ඍජු මැදිහත්වීමෙන් මිල දී ගන්නවා- ගැටළු විසඳා ගැනීමට ළඟම සිටින රාජ්‍ය නිළධාරියා සමඟ සම්බන්ධ වන්න

    අප්‍රේල් 16, 2020

    ජනාධිපති කාර්යය සාධක බළකාය විසින් ක්‍රියාත්මක කරන සමාජ ප්‍රතිලාභවලට අනුව ඍජුව ජනතාව වෙත මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරනු බවත්, ගොවීන්ගේ අලෙවි කර ගත නොහැකි කෘෂි නිෂ්පාදන රජයේ ඍජු මැදිහත්වීමෙන් මිල දී ගැනීමේ කටයුතු සිදු කරනු ලබන බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කළුවැව මහතා පවසයි.

    එහි පළමු අදියර අප්‍රේල් 11 සහ 12 යන දෙදිනයන් හි දී නුවරඑළිය, දඹුල්ල, අනුරාධපුරය යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් සාර්ථක ව සිදු කළ අතර එහි දෙවන පියවර 15 සහ 16 දෙදිනයන් හි දී රත්නපුර, හම්බන්තොට යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් විශේෂයෙන් කෙසෙල් අස්වැන්න මිල දී ගැනීම ද සිදු කෙරමින් පවතින බවත්, එමෙන්ම අනිකුත් ප්‍රදේශ වල පවතින එළවලු තොග අවශ්‍ය ආකාරයට විනාශ වීමට නොදී මිල දී ගැනීමට ද කටයුතු කරන බවත් මෙහි දී නාලක කළුවැව මහතා ප්‍රකාශ කර සිටි අතර තම අස්වැන්න පිළිබඳව ගොවීන් කිසි ලෙසකත් අනවශ්‍ය ලෙස කලබල විය යුතු නොමැති බවත් ප්‍රකාශ කර සිටියේය.

    ගොවීන්ගෙන් කෘෂි අස්වැන්න මිල දී ගැනීම සඳහා දිසාපතිවරුන්ට අදාළ උපදෙස් රජය මඟින් ලබා දී ඇති බව ද  සඳහන් කෙරිණි.

    එමෙන්ම, සහන පැකේජයන් ක්‍රියාත්මක වීමේ දී ජනතාවට ඇති වන ගැටළු විසඳා ගැනීම සඳහා ළඟම සිටින රාජ්‍ය නිළධාරියා හෝ ප්‍රාදේශීය ලේකම්වරයා සමඟ සම්බන්ධ වී ග්‍රාමීය මට්ටමින් ම තම ගැටළු විසඳා ගන්නා ලෙසත්, මාධ්‍ය වෙත හෝ විවිධ පාර්ශ්ව වෙත පැමිණිලි කිරීමෙන් එතරම් ප්‍රතිඵලදායක නොවන බවත් මෙහි දී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ජනතාවට දැනුම් දී සිටී.

    ඊයේ (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කර සිටියේ ය

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya