අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට තවත් දෙස් විදෙස් ආධාර රැසක්.

    අප්‍රේල් 14, 2020

    කොරෝනා වෛරසය රට තුල පැතිරීම පාලනය සහ වැළැක්විම සදහා අතිගරු ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමන් සහ සෞඛ්‍ය අමාත්‍යතුමිය ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය ගෙන වැඩ වැඩපිළිවෙලට අනුව අප රට තුල ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් දෙස් විදෙස් ආධාර විශාල ප්‍රමාණයක් මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී ඇති අතර ඉදිරියටත් ලැබීමට නියමිතය.

     

    COVID-19 ප්‍රතිකාර මධ්‍යසථානවල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය, හෘද ස්පන්දන වේගය, ශරීර උෂ්ණත්වය පරීක්ෂා කළ හැකි ලක්ෂ 12 ක පමණ වටිනාකමකින් යුක්ත One Led ECG යන්ත්‍ර 50 ක් VENTURIT පුද්ගලික සමාගම විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කරන ලදි.

    මෙම සමාගමේ ප්‍රධාන සමාගම වන AVID HRT IN සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි Dr. Robert frenk සහ එම සමාගමේ සභාපති ප්‍රබෝධ වීබැද්ද යන මහත්වරුන්ගේ අදහසක් අනුව ලබාදෙන ලද මෙම යන්ත්‍රයෙන් ලබාදෙන ප්‍රථිපල Mobile AVID Hard SL මෘදුකාංගය ජංගම දුරකථනය වෙත භාගත කිරීම මගින් ප්‍රතිකාර සේවාවන් නිරීක්ෂණයට ලක් කළ හැකි අතර මෙම ප්‍රදානය සිදු කිරීම සදහා ඇමරිකානු සමාගමේ ලංකා සමාගම නියෝජනය කරමින් එහි මෙහෙයුම් කළමණාකරු කසුන් වීබැද්ද මහතා, අලෙවි ප්‍රධානී ලහිරු නිශාන්ත මහතා ද මෙම අවස්ථාවට එක් විය.

    London Stock Exchange Group Sri Lanka (LSEG SL) (ලන්ඩන් කොටස් හුවමාරු සමූහය) සහ ඒක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) එක්ව දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ඇතුලු සෞඛ්‍ය අංශ වෙත ලබාදීමට රුපියල් මිලියන 5 ක වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමක් ද සිදු විය.

    එම වෛද්‍ය උපකරණ අතර multi-para meter monitors 05 ක් , sphygmomanometers 20 ක්, BP apparatus 03 ක්, syringe pumps 08ක් සහ infusion pump 01 ක් ද වේ. ශ්‍රී ලංකාවේ අලෙවිකරණ හා සන්නිවේදන අංශ ප්‍රධානී සහ ලන්ඩන් කොටස් හුවමාරු සමූහයේ ශානක අබේවික්‍රම මහතා ද මෙම අවස්ථාවට එක් විය.

    ශ්‍රී ලංකාව තුල COVID-19 ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සදහා මෙලෙස ආධාර ලබාදීම පිළිබද සෞඛ්‍ය අමාත්‍යවරිය එම සියලු දෙස් විදෙස් ආයතන වෙත සිය ස්තූතිය මෙහිදී පිරිනමන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya