අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මියගිය කොරෝනා රෝගියාගේ අවසන් කටයුතු සෞඛ්‍ය නිලධරින්ගේ අධීක්ෂණය යටතේ - දේහය නිවසට ගෙන යන්නේ නෑ - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    මාර්තු 29, 2020

    කොරෝනා වෛරසයේ අසාදනයට ලක්ව ප්‍රතිකාර ලබමින් සිට ඊයේ (28) මිය ගිය අයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන්ගේ,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    මාධ්‍යවෙත අඳහස් දක්වමින් අනිල් ජාසිංහ මහතා මේ බව කීය.

    මිය ගිය පුද්ගලයා වයස 60ක අයෙක් බවත්,වකුකඩු බද්ධයක් සිදු කළ, අධි රුධිර පීඩනය වැළඳුන පුද්ගලයෙක් බවත් පැවසීය.

    අවසන් කටයුතු සිදුවන ආකාරය පිළිබඳ නිර්දේශ කර තිබේ. මෘත දේහය අවශ්‍ය අවස්ථවේ දී ඔහුගේ ඥාතීන් දෙදෙනෙකුට මුහුණ පෙන්වීමට කටයුතු කෙරේ.දේහය නිවසට අරන් යන්නේ නෑ. දේහය විශේෂ ආවරණය බහා රෝහලේ සිටම අවසන් කටයුතු සඳහා රැගෙන යන බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya