මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මේ වසර තුළ සංචාරක ක්ෂේත්‍රයට අදාළ නව ආයෝජන 30 ක්

    මාර්තු 04, 2020

    මේ වසර තුළ සංචාරක ක්ෂේත්‍රයට අදාළ නව ආයෝජන 30 ක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    එමගින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇමෙරිකානු ඩොලර් මිලියන 122 ක සෘජු විදේශ ආයෝජන ඉලක්කයක් සපුරා ගැනීමට අපේක්ෂිතයි.
    වත්මන් රජය පත්වීමෙන් පසු ව රුපියල් මිලියන 66,250 අපේක්ෂිත සංචාරක ආයෝජනයන් සහිත නව ව්‍යාපෘති කීපයක් සදහා අයදුම්පත් ඉදිරිපත් ව තිබේ. එය දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 370 කි.
    කාමර 550 ක් හා විලා 400 ක් මේ යටතේ ඉදිකිරීමට නියමිතයි. මෙම ව්‍යාපෘති සදහා අදාළ අනුමැතිය ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව ද රණතුංග මහතා කියයි.
    මීට අමතරව සංචාරක ක්ෂේත්‍රයට අදාළ තවත් නව ආයෝජන 02 ක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙමින් පවතී. ආයෝජන මණ්ඩලය රුපියල් මිලියන 4,140 ක ආයෝජනයක් ඉන් අපේක්ෂා කරයි.
    දේශීය හා විදේශීය ආයෝජන ආකර්ශනය කර ගැනීමේ ප්‍රමුඛ අංශයක් වන්නේ සංචාරක කර්මාන්තයයි. ඒ නිසා සංචාරක ක්ෂේත්‍ර යේ ආයෝජන වලට රජය වැඩි අවධානයක් යොමු කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya