මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර හම්බන්තොට නව අධිවේගී මාර්ගයට අද සිට අධි සුඛෝපභෝගී බස්රථ 16 එක් වෙයි

    පෙබරවාරි 25, 2020

    මාතර හම්බන්තොට නව අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව එම මාර්ගයේ ධාවනය සඳහා අධි සුඛෝපභෝගී බස්රථ 16ක් අද දින (25) සිට ධාවනය සඳහා යොදවන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි ලංකා ගමනාගමන මණ්ඩලය විසින් පියවර ගෙන ඇත.

    ඒ යටතේ හම්බන්තොට සිට කොළඹ දක්වා අධි සුඛෝපභෝගී බස්රථ යෙදවීම අද දින (25) පෙරවරුවේ විදුලිබල හා බලශක්ති ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් හම්බන්තොට බස් නැවතුම්පොළේ දී සිදුවිය.

    අධිවේගී මාර්ගයේ ධාවනය සඳහා යොදවන මෙම බස්රථ 16 හම්බන්තොට, අම්බලන්තොට, තිස්සමහාරාමය, ඇඹිලිපිටිය, කතරගම සහ තංගල්ල ප්‍රදේශවල සිට අධිවේගී මාර්ග ඔස්සේ කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට සැලසුම් කර තිබෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

    අද දින පෙරවරුවේ මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ : මෙම අධි සුඛෝපභෝගී බස්රථ සඳහා මගීන්ගෙන් තරමක් ඉහළ ගාස්තුවක් අය කරන බැවින් අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් කිරීමට ඇතැම් මගීන්ට එවැනි මුදලක් වියදම් කිරීමට නොහැකි බැවින් එම ජනතාව සඳහා සාධාරණ මුදලකට ගමන් කළ හැකි බස්රථ සේවාවක්ද මීට සමගාමීව ආරම්භ කරන ලෙසයි.

    මෙහිදී අදහස් පල කළ අමාත්‍යවරයා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු, පත්වූ රජයට දින සියය අද දින සම්පූර්ණ වන බැවින් එතුමන් විසින් එම දින සියය තුළ මහජනතාවට දැනෙන වැඩ කොටසක් ඉටු කර ඇතැයිද ප්‍රකාශ කළේය. රටේ නායකයා වශයෙන් එතුමන් දුන් ආදර්ශය අනුව මේ වන විට ආරක්ෂක රථ පිරිවර‍ාගෙන ගිය ඇමතිවරු පවා එක වාහනයක් පමණක් පාවිච්චි කිරීමට සීමා වී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    අධිවේගී මාර්ගයේ ධාවනය සඳහා අද දිනය තුල තිස්සමහාරාමය, අම්බලන්තොට සහ තංගල්ල යන ප්‍රදේශවලින් ද ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අධි සුඛෝපභෝගී බස්රථ යොදවනු ලැබීය.

    මෙම අවස්ථාවට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් මෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතීඥ කිංස්ලි රණවක මහතාද සහභාගි විය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya