අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කලාකරු අල්හාජ් මොහිදින් බෙග් සිහිකිරීම පිණිස විශේෂ සමරු මුද්දරයක් නිකුත් කෙරේ

    පෙබරවාරි 21, 2020

    සහශ්‍රය සිහිකිරීම හා කලාකරු අල්හාජ් මොහිදින් බෙග් මහතා සිහිකිරීම සඳහා ඊයේ දින (20) විශේෂ සමරු මුද්දර 2ක් නිකුත්කිරීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තැපැල් මූලස්ථානයේ දී සිදු කෙරිණි.


    සහශ්‍ර සමරු මුද්දරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් පිළිගන්වනු ලැබීය. අල්හාජ් මොහිදින් බෙග් කලාකරුවාවන් සිහිකරමින් නිකුත් කළ සමරු මුද්දරය ඔහුගේ ඥාතීන් වෙත පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලදී.
    මෙම අවස්ථාව සඳහා උසස් අධ්‍යාපන තාක්ෂණ, නවෝත්පාදන සහ තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, උසස් අධ්‍යාපන තාක්ෂණ, නවෝත්පාදන සහ තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර යන මහත්වරුන් සහභාගි වූහ.
    මෙයට සමගාමීව තැපැල් දෙපාර්තමේන්තුව නවීකරණය කිරීමේ ක්‍රියාවලියේ ප්‍රථිපලයක් ලෙස අධිවේගී තැපෑල ඔස්සේ දෙස් විදේස් භාණ්ඩ හුවමාරුවේ දී එම භාණ්ඩයේ ගමන් මාර්ගය හා තොරතුරු පිළිබඳව පාරිභෝගිකයාට දැන ගත හැකි ක්‍රමවේදයක් හඳුන්වා දීම ද සිදු කෙරිණි. මෙහිදී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය හා නවීන තාක්ෂණය උපයෝගි කරගෙන SMS පණිවුඩයක් මඟින් භාණ්ඩ හුවමාරුව පිළිබඳව පාරිභෝගිකයා දැනුවත් කිරීම හා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය
    ඔස්සේ තොරතුරු ලබා දීම සිදු කෙරේ.

    මේ අවස්ථාවට එක් වෙමින් ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, තිරසාර සංවර්ධනයේදී හිඟ සම්පත් කළමානාකරණය කරමින්, සංරක්ෂණය කරමින් ආර්ථිකය පවත්වාගෙන යාමේදී සන්නිවේදනයේදී කළ හැකි කාර්යයන් සුවිශේෂ බවත්, තැපැල් දෙපාර්තමේන්තුව සංවර්ධනය කිරීමෙන් විශාල වශයෙන් ප්‍රගතියක් අත්කර ගැනීමට හැකි බවත් පෙන්වා දුන්නේය. තවද මේ හේතුවෙන් කිසිවිටෙකත් තැපෑල පෞද්ගලීකරණය කරන්නට කටයුතු නොකරන බව අවධාරණය කළේය. තවද බුද්ධිමය දේපල පනත යටතේ කලාකරුවන් වෙත හිමි කර්තෘ භාගය මත ගීතයක් ගුවන්විදුලි හෝ රූපවාහිනී මාධ්‍යයෙන් ප්‍රචාරය කිරීමේදී මුදල් ගෙවීම සඳහා වන ගැසට් පත්‍රය මාර්තු නිකුත් කිරීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කළේය.

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, මේ අවස්ථාවට එක් වෙමින් ප්‍රකාශ කළේ භාණ්ඩ හුවමාරු කිරීම විධිමත්ව සිදු කිරීමටත්, ඒ බව පාරිභෝගිකයාට තොරතුරු දැනගන්න ලැබීමට සැලැස්වීමත් අවශ්‍ය වෙලා තිබුණු අතර ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශය යටතේ තිබීම හේතුවෙන් මෙම කාර්යන් සාර්ථක කර ගැනීමට ශක්තියක් වූ බව පෙන්වා දුන්නේය. මේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම නිසා රාජ්‍ය ආයතන කිසිවිටෙකත් විකිණිම හෝ වසා දැමීම කරන්න කිසිසේත් ඉඩ නොතබව බවත්, පෞද්ගලික අංශය සමඟ කරට කර තරගකාරීව ගමන් කළ හැකි රාජ්‍ය ආයතන ශක්තිමත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    මේ අවස්ථාවට තැපැල්පති රංජිත් ආරියරත්න, තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරින්, ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි වූහ.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya