මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවර්ධිත, විනයගරුක හා සුරක්ෂිත රටක් බිහි කිරීම සඳහා ජනපති රට නිවරදි දිශාවකට ගෙන යනවා - ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

    පෙබරවාරි 17, 2020

    සංවර්ධිත, විනයගරුක හා සුරක්ෂිත රටක් බිහි කිරීම සදහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රට නිවරදි දිශාවකට ගෙන යන බවත් ඒ පිළිබඳව ජනතාව තුළ උපරිම විශ්වාසයක් ගොඩ නැගී ඇති බව ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

    නිමල් ලාන්සා මහතා මේ බව පවසා සිටියේ (16) මීරිගම ජනතා හමුවකට සහභාගි වෙමිනි.

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය නිමල් ලාන්සා මහතා, ඉදිරි මහ මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ලබා ගෙන රට ඉදිරියට ගෙන යාමට බාධා පමුණුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීමට කටයුතු කරනවා. වර්තමානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින දෝෂයන් හේතුවෙන් රට ඉදිරියට ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වෙලා. ව්‍යවස්ථානූකූලව ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරවිය හැකි ආසන්නම දිනය වන මාර්තු 02 දින පාර්ලිමේන්තුව විසුරුවා අප්‍රේල් 25 වෙනි දින මහ මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත් එම ජයග්‍රහණයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා නැවත අග්‍රාමාත්‍යධූරයට පත්වීමට නියමිතයි.


    අද වන විට ශ්‍රී ලංකාව සුරක්ෂිත රටක් බවට පත්වී ඇති අතර මහ ජනතාවට හිරිහැරයක් නොවන පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කර තිබෙනවා. ජනතාවට බියෙන් සැකෙන් තොරව අද නිදහසේ ජීවත්විය හැකියි. බුද්ධි අංශ ශක්තිමත් කරමින් ජාතික ආරක්ෂාවට මුල්තැන දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබෙනවා. රට සංවර්ධනය කිරීමේදී පරිසරය ආරක්ෂා කරමින් පරිසර හිතකාමී ලෙස ඉදිරි වසර 5 ක කාලය තුළ කටයුතු කරන බවත් රට හදන සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමට කටයුතු කරන බව නිමල් ලාන්සා මහතා මෙහිදී පැවසීය.


    එක්සත් ජාතික පක්ෂයේ වැරදි ආර්ථික කලමණාකරණය හේතුවෙන් රට මහා ණය උගුලක සිරවී ඇති බවත් ඒ හේතුවෙන් රුපියල් බිලියන 600 ක මුදලක් ගෙවීමට වත්මන් රජයට සිදුව තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය තුළ දිනෙන් දින පවතින නායකත්ව අර්බුද හා ලකුණ තෝරා ගැනීමට නොහැකිව අපේක්ෂකයන් කලකිරීමට පත්වී ඔවුන්ගේ ජන පදනම ගිලිහෙමින් පවතිනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල පිළිබදව ඉහළ ජනතා ප්‍රසාදයක් ගොඩනැගී ඇති අතර පසුගිය ජනාධිපතිවරණයේදී එතුමාට ජන්දය ලබා දීමට නොහැකි වීම පිළිබදව එක්සත් ජාතික පාක්ෂිකයින් විශාල පිරිසක් කණස්සල්ලට පත්ව ඇති බවත් ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පාක්ෂිකයින් විශාල පිරිසක් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙල දිනවීමට මහ මැතිවරණයේදී කටයුතු කරනු ඇති බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya