මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ සේවාවන් උපරිමයෙන් ගම් මට්ටමෙන් දියත් කර ග්‍රාමීය ආර්ථිකය උපරිම තලයකට ගෙන ආ යුතුයි

    පෙබරවාරි 14, 2020

    රජයේ සේවාවන් උපරිමයෙන් ගම් මට්ටමෙන් දියත් කර ග්‍රාමීය ආර්ථිකය උපරිම තලයකට ගෙන ආ යුතුයි - මහවැලි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (13) පැවත්විණි.

    මෙහි දී ප්‍රදේශයේ සියළු සංවර්ධන කාර්යන්හි කඩිනම් ප්‍රගතිය සමාලෝචනයට ලක්කෙරුණු අතර සංවර්ධන කාර්යන්හි දී මතු වූ ගැටළු පිළිබඳ ව ද දීර්ඝ ව සාකච්ඡා කෙරිණි.

    වැඩකරන රටක් නිර්මාණය කිරීමට ඇප කැප වී කටයුතු කරන සියළුම රාජ්‍ය නිළධාරින්ට ප්‍රථමයෙන් ස්තුතිවන්ත වන බවත්, රජයේ සේවාවන් උපරිමයෙන් ගම් මට්ටමෙන් දියත් කර ග්‍රාමීය ආර්ථිකය උපරිම තලයකට ගෙන ඒම ඉතාමත් වැදගත් බවත් මෙහි දී රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අදහස් දක්වමින් කියා සිටියේය.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, නිවාස සංවර්ධන අධිකාරිය, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව ආදී රජයේ සියළු ආයතනවල නිළධාරින් එක් වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya