අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරෝනා වැනි බෝවෙන රෝග සඳහා විශේෂිත රෝහලක්

    පෙබරවාරි 06, 2020

    කොරෝනා වැනි බෝවෙන රෝග ඉදිරියේදී ඇතිවුවහොත් ඒවාට මුහුණ දීම සඳහා විශේෂ රෝහලක් ඉදිකිරීම පිළිබඳව රජයේ අවධානය යොමුවී ඇතැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

    එසේම මෙවැනි රෝග පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය නවීකරණය කොට වැඩිදියුණු කිරීමට පියවර ගන්නා බවද ඇමතිවරිය පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ අද (6) පැවති මාධ්‍ය හමුවකදීය.

    මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ වන්නිආරච්චි මහත්මිය , පසුගිය ආණ්ඩුව විසින් ලබාගෙන ඇති ඖෂධ වෙනුවෙන් ඒවා ගෙන්වූ සමාගම්වලට මුදල් ගෙවා නැති බවත්, ඒ වෙනුවෙන් රුපියල් බිලියන 25ක මුදලක් ගෙවීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවද පැවසුවාය.

    කොරෝනා වෛරස් රෝගය ගැන සඳහන් කළ සෞඛ්‍ය ඇමතිනිය ශ්‍රී ලංකාව රෝගයට මුහුණ දීමට ගෙන ඇති සාර්ථක ක්‍රියාදාම නිසා ඒ පිළිබඳව පැවති බිය අඩුවී ඇති බවද කීවාය. චීනයේ කොරෝනා රෝගය එන්න එන්නම ව්‍යාප්ත වන නමුත් ශ්‍රී ලංකාව එය සාර්ථක ලෙස පාලනය කොට ඇති බවද ඇමතිවරිය තවදුරටත් පැවසුවාය.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, වසංගත රෝග අංශයේ ප්‍රධානී හා නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුදත් සමරවීර හා අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya