අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උපාධිධාරීන් 50,000කට රජයේ රැකියා ලබාදීමට කැබිනට් අනුමැතිය

    පෙබරවාරි 06, 2020

    2012 වර්ෂයේ සිට මේ දක්වා විශ්ව විද්‍යාලවලින් පිටවී රැකියා විරහිතව සිටින උපාධිධාරීන් 50,000කට ආසන්න තරුණ තරුණියන් රජයේ සේවයට බඳවා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

    ඒ අනුව 2019-12-31 දිනට උපාධිය සමත් හා උපාධියට සමාන අධ්‍යාපන සුදුසුකමක් ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන සුදුසුකම් සපුරා ඇති තරුණ තරුණියන් උපාධිධාරී අභ්‍යාසලාභීන් ලෙස වසරක පුහුණු කාලයකට යටත්ව බඳවා ගැනේ.

    පුහුණු කාලයෙන් අනතුරුව වසර 05ක කාලයක් මුල් පත්වීම් ලද රැකියා ස්ථානයේම සේවය කිරීමෙන් පසු දිස්ත්‍රික්/ පළාත් මට්ටමින් ස්ථාන මාරු ලබාගැනීමට හැකිවන පරිදි අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු යටතේ බඳවා ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(06) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

    මීට පෙර අවස්ථා කිහිපයකදී උපාධිධාරීන් රැකියා ගතකිරීමේ වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කර ඇති මුත්, තවදුරටත් දිවයින පුරා ඇතැම් රජයේ ආයතනවල සැළකියයුතු පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින බව පෙනීගොස් ඇත.

    විශේෂයෙන්ම ග්‍රාමීය දුෂ්කර ප්‍රදේශවල රජයේ නිලධාරීන්ගේ හිඟය නිසා ග්‍රාමීය ජනතාවට රජයේ සේවාවන් ලබාගැනීමේදී අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවන බව නිරීක්ෂණය වී ඇති බැවින් මෙම පියවර ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya