අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      ආඝාතය ඉක්මණින් හඳුනාගන්න - ඉක්මන් ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කරන්න - ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න

    පෙබරවාරි 06, 2020

    ජාතික හා ජාත්‍යන්තර අඝාත දිනයන්ට සමගාමී ව මෙම වසරේ දී ආඝාතය පිළිබඳව සහ එය වළක්වා ගැනීම පිළිබඳවත් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමේ වැදගත්කමත් පිළිබඳ ව විශේෂ වැඩසටහන් රැසක් ශ්‍රී ලංකාවේ ද ක්‍රියාත්මක ව පවතී.

    ඒ අනුව, එළැඹෙන පෙබරවාරි 15 වන දිනට යෙදෙන ලෝක අඝාත දිනය වෙනුවෙන් ආඝාතය පිළිබඳ ව මහජනතාව දැනුවත් කර ගැනීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා ජාතික අඝාත සංගමය හා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය එක් ව මාධ්‍ය සාකච්ඡාවක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (06) පැවැත්විණි.

    ආඝාතය ලොව පුරා සිදු වන මරණ වලට සහ ආබාධිත බවට තුඩු දෙන බෝ නොවන රෝගයකි. සෑම පුද්ගලයින් හතර දෙනකුගෙන් එක් අයෙකුට ජිවිතයේ එක් වතාවක් හෝ මෙම තත්ත්වයට පත් වීමට ඉඩ තිබේ. වර්තමානය වන විට ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක අඝාත රෝගීන් ශ්‍රී ලංකාවේ සිටින අතර කොළඹ නගරයේ ජනගහනයෙන් දහසකට නව දෙනෙක් අඝාත රෝගීහු වෙති.

    ලෝකයේ මරණයට පත් වන රෝග අතුරින් ආඝාතය දෙවන ස්ථානය ගනී. වැඩිහිටියන් ආබාධිතයින් වන ප්‍රධානතම හේතුව වන්නේ ද අඝාතයයි. ලෝකයේ මරණයට පත් වන රෝග අතුරින් ආඝාතය දෙවන ස්ථානය ගනී. එමෙන්ම වැඩිහිටියන් අබධිතයින් වන ප්‍රධානතම හේතුව වන්නේ ද අඝාතයයි. අඝාතය හදිසියේ ඇතිවන රෝග තත්ත්වයක් වන අතර මොළයේ එක් ප්‍රදේශයකට හදිසියේ රුධිර සැපයුම අඩාල වීම නිසා ආඝාතය ඇති වේ. එමඟින් එම ප්‍රදේශයට අවශ්‍ය ඔක්සිජන් (O 2 ) සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ නොලැබී යාමෙන් එම ප්‍රදේශයේ ස්නායු සෛල මිය යයි.

    දිනෙන් දිනම මෙම රෝගී තත්ත්වය වර්ධනය වීමක් ලංකාව තුළ දක්නට ලබෙන හෙයින් ඒ සඳහා සියලුම රෝහල් තුළ ආඝාත ඒකකයක් ඇති කිරීමේ අවශ්‍යතාවය දැඩි ව පවතින බවත්, එමෙන්ම එම රෝගී වූ පුද්ගලයින් පුනරුත්ථාපනය කර සමාජගත කිරීමේ අවශ්‍යතාවය ද පවතින බවත්, මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී ස්නායු රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පෙන්වා දෙන ලදී.

    වයස 80 න් පසු ගැහැණු අයට ආඝාතය වැළඳීමේ ඉඩකඩ පවතින අතර දුම්බීම, අධිරුධිර පීඩනය නොසලකා හැරිම නිසා වයස අඩු පුද්ගලයින්ට පවා වැළඳීමට හැකියාව පවතින අතර පිරිමි පුද්ගලයින් මේ සඳහා ගොදුරු වෙන තත්ත්වය වැඩි බව ද පද්මා ගුණරත්න මහත්මිය ප්‍රකාශ කර සිටි අතර ඉක්මණින් හඳුනාගෙන ඉක්මන් ප්‍රතිකාර ලබා ගැනීමට සහ අඝාත තත්ත්වය අඩු කරගන්නට කටයුතු කරන මෙන් ජනතාවට අවධාරණය කර සිටියාය.

    2001 දී පිහිටුවන ලද ශ්‍රී ලංකා ජාතික අඝාත සංගමය විසින් සිදු කර ඇති කාර්යභාරය අති විශාල බවත්, ආඝාතය පිලිබඳ ජනතාව ඇති දැනුම වැඩි කර ගැනීම සඳහා මෙම තත්ත්වය ඇති වීම වළක්වා ගැනීම සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ව ද, විවිධ වැඩමුළු දියත් කිරීම ද සිදු කිරීමට කටයුතු කළ බව ද සිදු කරන ලද බව ශ්‍රී ලංකා ආඝාත සංගමයේ සභාපති තිස්ස බණ්ඩාරනායක මහතා මෙහි දී කියා සිටියේය.

    එමෙන්ම, මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී ස්නායු රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ මහතා විසින් අඝාතය කළිමනකරණය කරන ආකාරය පිළිබඳවත් සහ සුළු අඝාත තත්ත්වය වළක්වන්නේ කෙසේ ද යන්න පිළිබඳව ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය එම්.ටී.එම්.ටී.රිෆ්සි මහතා විසින් මාධ්‍ය දැනුවත් කිරීම සිදු කරන ලදී.

    මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ (බෝනොවන රෝග) නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය, ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක චාමින්ද වාස් සහ රොෂාන් මහානාම යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya