අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්මාර්ට් රියදුරු ලයිසන් බලපත් නිකුත් කිරීම ඉදිරි මාස 03 ඇතුළත රජයට පවරා ගැනීමට පියවර

    පෙබරවාරි 06, 2020

    ඉදිරි වසර තුන ඇතුළත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙරට හොඳම රාජ්‍ය ආයතනය බවට පත් කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසිය.

    වෛද්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා විසින් යොමු කරන ලද වාචින ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර ඉදිරි මාස 03 ඇතුළත ස්මාර්ට් රියදුරු ලයිසන් බලපත්‍රය (Smart Driving license) නිකුත් කිරීමේ කාර්යය සම්පූර්ණයෙන්ම රජයට පවරා ගැනිමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

     ස්මාර්ට් රියදුරු ලයිසන් පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය 2009 වසරේ ආරම්භ වූ අතර 2016 වසරේ එම ව්‍යාපෘතිය රජයට පවරා ගැනීමට සිටියද අතැම් තාක්ෂණික කාරණා නිසා මේ වන තෙක් එය සිදු කිරීමට නොහැකි වී ඇත. මෙම ව්‍යාපෘතිය තුළ කිසියම් අක්‍රමිකතාවක් සිදු වී ඇත්ද යන්න පිළිබඳව කඩිනම්නි පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස උපදෙස් දී ඇති බවත් කැබිනට් මණ්ඩලයේදීද මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බවත් පැවසූ අමාත්‍යවරයා වාර්තාව ලැබුණු පසු අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් සඳහන් කළේය.

     තවද දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවාගෙන ඇති අනියම් සේවකයින් පිළිබඳව ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ එම සේවකයින් ස්ථිර කිරීමට පියවර ගන්නා බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ අනෙකුත් පුරප්පාඩු ද කඩිනමින් පිරවීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත්ය.

    සාමාන්‍ය මගීන්ට මෙන්ම මධ්‍යම පාන්තික මගීන්ට ගමන් කල හැකි කාර්යක්ෂම දුම්රිය පද්ධතියක් බිහි කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya