අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞභාග්‍යයේ දැක්ම මඟින් දේශිය නිෂ්පාදක ආර්ථිකයක් ඇති කිරීම අපේ අරමුණයි- රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

    පෙබරවාරි 06, 2020

    විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝග හතක් ,රේගු ආඥා පනත යටතේ යෝජනා දෙකක් , විදේශ විනිමය පණත යටතේ නියෝග එකක්,ආනයන හා අපනයන පාලන පනත යටතේ නියෝග දෙකක් සහ එකතු කල අගය මහ බදු පණත යටතේ නියමයක් අද (06) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණිනි.

    එම නියෝග හා යෝජනා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළේය.

    ඒ පිලිබඳ විවාදය ආරම්භ කරමින් කතා කළ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා, සෞභාග්‍යයේ දැක්ම මගින් දේශිය නිෂ්පාදක ආර්ථිකයක් ඇති කිරීම අපේ අරමුණ බව පැවසීය.
    ඒ අනුව 6.5%ක ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ. ඒ සඳහා දේශීය කෘෂි කර්මාන්තයට නව තාක්ෂණය හඳුන්වා දී කෘෂිකර්මාන්තුය තුළින් ජාතික ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබා ගන්නා බව සේමසිංහ අමාත්‍යවරයා පැවසීය.

    වී සඳහා මේ වන විට රු 50 /ක ස්ථාවර මිලක් මෙන්ම තෙත වී සඳහා රු 44/- ක් ලබා දීමට රුපියල් මිලියන තුන් දහස් පන්සියයක් මේ වන වියත් ලබා දී ඇතැයි ඒ මහතා පැවසීය.
    තුන් වසරක සැලසුමක් යටතේ දේශීය නිෂ්පාදන ආරක්ෂා කිරීම තහවුරු කරන අතර වැට් බදු 15% සිට 8% දක්වා අඩු කරමින් පාරිභෝගික ජනතාවට සහන සලසා ඇති බව සේමසිංහ අමාත්‍යවරයා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya