අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ ඇමති සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත අතර හමුවක්

    පෙබරවාරි 06, 2020

    අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Emma Brigham මහතා අතර හමුවක් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

    වැරදි සිදු කරනු ලබන අවුරුදු 18 ට අඩු දරුවන් බන්ධනාගාර ගත කිරීම පිළිබදව අදහස් හුවමාරු වු අතර ඔවුන් බන්ධනාගාරයට නොයැවීමට ගත හැකි පියවර පිළිබදව සාකච්ඡා විය.

    එමෙන්ම ළමා මෙහෙකාර සේවය සදහා අවුරුදු 16 ට අඩු දරුවන් යොදවා ගැනීම පිළිබදව ද සාකච්ඡා කළ අතර ඒ පිළිබදව අදාළ ක්‍රියාමාර්ග ගැනීමට රජය වශයෙන් කටයුතු කරන බව ද මෙහිදී අමාත්‍යවරයා සදහන් කළේය.

    මරණ දඩුවම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ පවතින නීති නියාමනය කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වු අතර අමාත්‍යවරයා සදහන් කළේ, ඒ පිළිබදව සළකා බලා සුදුසු පරිදි කටයුතු කරන බවයි.

    එමෙන්ම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන නීති ආධාර සේවය පිළිබදව අදහස් හුවමාරු වු අතර නීති ආධාර සේවය ශක්තිමත් කරමින් සාමාන්‍ය ජනතාවට එම සේවාව තුළින් උපරිම සහන ලබා ගත හැකි වන පරිදි කටයුතු සම්පාදනය කර ඇති බව අධිකරණ අමාත්‍යවරයා එහිදි සදහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya