අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      ජනාධිපතිවරයාගේ ඍජු ප්‍රතිපත්තිය මෙන් ම රටේ ඉදිරි වැඩපිළිවෙල සඳහා වූ දැක්ම ඉතා ප්‍රශංසනීයයි - මන්ත්‍රී පියල් නිශාන්ත

    පෙබරවාරි 05, 2020

    72 වන නිදහස් සැමරුම් උළෙලේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජාතිය අමතා කරන ලද කථාව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අගය කරනු ලබන බව පියල් නිශාන්ත මහතා අද (05) පැවතී මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.

    එමෙන්ම, ජනාධිපතිවරයාගේ ඍජු ප්‍රතිපත්තිය මෙන් ම රටේ ඉදිරි වැඩපිළිවෙල සඳහා වූ දැක්ම ඉතා ප්‍රශංසනීය බව බිම් මට්ටමේ සිටින මෙරට මහජනතාව පවා මහත්කොට අගය කරනු ලබන බව ද මන්ත්‍රී පියල් නිශාන්ත මහතා කියා සිටියේය.

    මෙරට සිටින අභිමානවත් ශ්‍රී ලාංකිකයින්ට ඍජු නිවැරදි තීරණ ගැනීමෙහි ලා හැකියාව ඇති විශිෂ්ට නායකයෙකු මහජනතාව විසින් පත් කොට ඇති බවත් එළඹෙන මහා මැතිවරණයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රටේ ඉදිරි වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා සහාය විය හැකි දක්ෂ උගත් බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තුවට එවීමට වගබලා ගැනීම ජනතාව සතු වගකීමක් බව ද මන්ත්‍රී පියල් නිශාන්ත මහතා කියා සිටියේය.

    මෙම නව රජය මඟින් කිසිඳු විටෙක නීතියට අතපෙවීම් නොකරන බවත්, ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට මෙම රජය පත්කොට ඇති බවත්, මෙරට විනාශයට ඇද දමන ව්‍යාපාරිකයින්ට, දේශපාලකයින්ට, නිලධාරීන් ව ආරක්ෂා කිරීමට
    මෙම රජය පත් ව නොමැති බවත් කියා සිටි ඒ මහතා, මෙවැනි දූෂණ චෝදනා තිබෙන සියලු පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන සහයෝගය ලබා දීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීම වන බව ද මන්ත්‍රීවරයා කීය

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya