අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලු තරුණ තරුණියන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදෙන මහා විප්ලවීය අධ්‍යාපන වැඩපිළිවෙල සකස් කරනවා

    ජනවාරි 24, 2020

    සෞභාග්‍යයේ ඉදිරිදැක්ම යටතේ උසස් පෙළ සමත් විශ්වවිද්‍යාල ප්‍රවේශය නොලබන තරුණ තරුණියන් සියලු දෙනාට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දෙන මහා විප්ලවීය අධ්‍යාපන වැඩපිළිවෙලක් සකස් කරන බව උසස් අධ්‍යාපන,තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (24) මේ බව ප්‍රකාශ කළේ, මේ සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

    මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ විශ්වවිද්‍යාල විද්‍යා ආයතන 25ක් ඉදිකිරීමට යෝජනා කර තිබුණත් සෑදීමට හැකි වුණේ හයක් පමණ යි, පසුගිය රජය විසින් මහින්ද චින්තය යටතේ ඉදිරිපත් කළ අධ්‍යාපන වැඩපිළිවෙල කඩාකප්පල් කළ නිසා හදන්න බැරි වුණා.

    අනාගතයේ දී විශ්වවිද්‍යාල විද්‍යාතන පනත වෙනස් කිරීමට කරනවා. යුනිවර්සිටි කොලෙජ් එකෙන් දෙන්නේ ඩිප්ලෝමා පමණයි. නියතවශයෙන් රැකියාව ලැබෙන, රැකියාව කරන අතර උපාධියක් පරිනමන විශ්වවිද්‍යාල ආයතන අනපනත් මඟින් සකස් කරනවා. සෞභාග්‍ය දැක්මේ ඇති සෑම කරුණක් ම ගෝඨාභය රාජපක්ෂ පාලන කාලය තුළ ඉටු කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya