මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිහඬ කාලයේ නිතිය කඩ කරන පුද්ගලයින්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    නොවැම්බර් 14, 2019

    එළඹෙන 2019 ජනාධිපතිවරණය හේතුවෙන් ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක නිහඩ කාල සීමාව තුළ නීතිය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

     

    ඒ අනුව, ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනතේ තියෙන ප්‍රතිපාදන අනුව 70 වගන්තියට අනුව මෙම තහනම ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ (13) පොලිස් මුලස්ථානයේ දී පවසන ලදී.

    ඒ අනුව, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර සතියක් ගතවන තුරු මෙම තහනම බලපැවැත්වෙන බවත්, නිහඬ කාලය ලෙස හැඳින්වෙන මෙම කාලය නීතියෙන්ම පත් කර ඇත්තේ රටේ ජනතාවට කිසිඳු බාධාවකින් හෝ බලපෑමකින් තොරව නිදහසේ ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාවක් ලබා දීමට බවත්, රටේ සාමය ආරක්ෂා කර ගැනීමටත් අවශ්‍ය බැවින් මෙම නීතියට අනුව ක්‍රියා කරන ලෙස අදාළ පක්ෂවල නියෝජිතයින් සහ ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටින අතර මෙම ඉදිරි දින කිහිපයේ දී නෛතික ප්‍රතිපාදන වලට පටහැනිව කටයුතු කරන්නන් හට දැඩි නීතිමය දඬුවම් ලබා දීමට කටයුතු කරන බව ද ඒ මහතා පවසන ලදී.


    එලෙස නීතිය කඩන පුද්ගලයින් හඳුනාගෙන එම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බවත්, නිහඬ කාලය තුළ නිතිය උල්ලංඝණය කිරීම සිර දඬුවම් ලැබිය හැකි වරදක් බවත් රුවන් ගුණසේකර මහතා කියා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya