අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති පාරිසරික සම්මාන උළෙල අදයි

    ඔක්තෝබර් 29, 2019

    ජනාධිපති පාරිසරික සම්මාන උළෙල-2019 ඔක්තෝබර් 29 වන අද දින පෙරවරු 10.00 ට නෙළුම් පොකුණ රඟහලේදී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන බව මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර ප්‍රවර්ධන අධ්‍යක්ෂක ශ්‍යාමනි තෙරියප්පෙරුම මහත්මිය රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    පොදු ජනතාව තුළ පරිසර සංරක්ෂණය පිළිබඳ පුළුල් ලෙස මහජන සහභාගීත්වය ගොඩ නැංවීමටත්‚ සිවිල් සමාජ උද්යෝගය ඇති කිරීමටත්‚ පාරිසරික සංවර්ධන වැඩසටහනක් ලෙස 2011 වසරේ සිට මෙම ජනාධිපති පාරිසරික සම්මාන උළෙල පවත්වනු ලබයි.

    පරිසර සංරක්ෂණ උද්යෝගය වඩවාලීම මෙන්ම ශ්‍රී ලංකාව තුළ පරිසර හිතකාමී කර්මාන්ත හා ව්‍යාපාර සංස්කෘතියක් ඇති කිරීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික ආයතන‚ කර්මාන්ත‚ ව්‍යාපාර‚ වෘත්තිය ආයතන හා පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ විශිෂ්ට පාරිසරික සේවාවන් අගයමින් මෙවර ක්ෂේත්‍ර 20 ක් යටතේ ජනාධිපති පාරිසරික සම්මාන ලබා දීම සිදු වන බව ඒ මහත්මිය මෙහිදී වැඩි දුරටත් සඳහන් කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya