අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් කිහිපයකට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි

    ඔක්තෝබර් 28, 2019

    ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින වායුගෝලයේ කැළඹිලි ස්වභාවය දකුණු මුහුදු ප්‍රදේශය හරහා දිවයිනේ බටහිර මුහුදු ප්‍රදේශයට අද (28) දිනයේදී ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ.

    මෙම තත්වය හේතුවෙන් උතුර,නැගෙනහිර,ඌව,දකුණු,මධ්‍යම සහ සබරගමුව පළාත්වල වැසි තත්ත්වය හෙට දක්වා වර්ධනය වන ලකුණු ඇති අතර දිවයිනේ බොහෝ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩකඩ තිබේ.

    උතුරු,නැගෙනහිර,ඌව,මධ්‍යම,දකුණු සහ සබරගමුව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී 150 ත් 200 ත් අතර තද වර්ෂාපතනයක් ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 100 ට වැඩි තද වර්ෂාපතනයක් ඇති විය හැක.

    නුවරඑළිය,මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවල සහ දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වල සුළගේ වේගය විටින් විටින් විට පැ.කි.මී 50 ත් 60 ත් දක්වා වැඩිවිය හැක.

    පොතුවිල් සිට හම්බන්තොට,ගාල්ල,කොළඹ හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් ධීවර සහ නාවික කටයුතු වල යෙදීමෙදී ඉතා සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙනු ලබන අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya