අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක්

    ඔක්තෝබර් 28, 2019

    ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ (විශේෂයෙන් උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල) වැසි තත්ත්වය වර්ධනය වනු ඇතැයි කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇත. දිවයිනේ බොහෝ පළාත් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට මි.මී. 150 පමණ වන තද වර්ෂාපතනයන් ඇති විය හැකි අතර මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ වන තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අනාවැකියේ දැක්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya