අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙනත් අපේක්ෂකයින් ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්ති ප්‍රකාශ තැපෑලට ලබාදීමෙන් වළකින්න- තැපැල්පති

    ඔක්තෝබර් 27, 2019

    ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශ තැපැල් මාර්ගයේ ජනතාවට බෙදා හැරීමට අවස්ථාව සළසා තිබෙන බවත් එහිදී වෙනත් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය නොකිරීමට කටයුතු කරන ලෙසත් ඒ සම්බන්ධව කිසිදු ඉඩක් ලබා නොදෙන බවත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා නිලපුවත් වෙබ් අඩවියට සඳහන් කළේ ය.

    මේ සම්බන්ධයෙන් නිරන්තර පරික්ෂාවෙන් සිටින බවද තැපැල්පතිවරය සඳහන් කළේ ය.

    අපේක්ෂකයන් 35 දෙනාගේම ප්‍රතිපත්ති ප්‍රකාශ බෙදා හැරීම සඳහා මිලියන 3000ක පමණ මුදලක් වැය වෙතැයි ගණන් බලා තිබෙන බව කී තැපැල්පතිවරයා, ඕනෑම අපේක්ෂකයෙකුටම තම ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එක ලිපියක් මඟින් සෑම ඡන්ද දායකයෙකුටම යැවිය හැකි බව ද පැවසීය.

    ජනාධිපතිවරණයට අදාළ ලිපි ලේඛන ''ප්‍රමුඛ සේවා ලේබලය'' යටතේ තැපැල් කාර්යාලවලට භාර ගැනීම සහ බෙදා හැරීම සිදු කෙරන බවද තැපැල්පතිවරයා සඳහන් කළේ ය. මෙවර ජනාධිපතිවරණයෙහි නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා ඔක්තෝබර් මස 25 වනදා තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලදී.නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු  (26 වැනිදා) සිට සිදු කෙරෙන බවත්,නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු නොවැම්බර් මස අට වැනිදා (08 වැනිදා) අවසන් කරන බවත් පැවසූ රංජිත් ආරියරත්න මහතා පවසයි.

    නිවාස පනස් හතර ලක්ෂයකට නිල ඡන්ද පත්‍රිකා බෙදීමට නියමිතය. නිල ඡන්ද පත‍්‍රිකා බෙදා හැරීම සඳහා ස්ථීර සේවකයින්ට අමතරව තාවකාලික සේවකයින්  යොදා ගැනීමට  ද තැපැල් දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya