අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණය කාලසීමාව තුළ රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධව සමීපව විමර්ශනය කෙරේ

    ඔක්තෝබර් 27, 2019

    ජනාධිපතිවරණය ප්‍රකාශ කර තිබෙන කාලසීමාව තුළ දේශපාලන පක්ෂ හෝ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම සඳහා නීති විරෝධී ආකාරයට රජයේ දේපළ භාවිතා කරමින් රාජ්‍ය දේපල අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඉතාමත් සමීපව විමර්ශනය කෙරෙන බව ජාතික මැතිවරණ කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානී අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති හා විමර්ශන )බී.පී.සී.කුලරත්න මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට ප්‍රකාශ කළේ ය.

    රජයේ නිලපුවත් වෙබ් අඩවිය අද (27) කළ විමසීමකට පිළිතුරු දෙමින් කුලරත්න මහතා මේ බව සඳහන් කළේ ය. 

    රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම් සහ මැතිවර නීති උල්ලංඝණය කරමින් සිදු කරන ක්‍රියා විමර්ශන නිලධාරීන් විසින් එම ස්ථාන වෙත ගොස් විගනය කෙරේ.මේ වනවිට  විමර්ශනයට ලක් කළ රාජ්‍ය අයතන ගණන පහක් බවද කුලරත්න මහතා සඳහන් කළේ ය.

    විමර්ශන නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ලැබෙන පැමිණිලි අනුව අදාළ ස්ථාන වෙත ගොස් විමර්ශනය කරනු ලැබේ. මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය දේපළ යොදා නොගන්නා ලෙස සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට,ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙන බව ප්‍රකාශ කළ අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  විධිවිධාන අනුව  පළ කර ඇති  ''අති විශේෂ ගැසට් පත්‍රය'' හි මේ සම්බන්ධව විධිවිධාන පනවා තිබෙන බව පැවසීය.

    කිසියම් ආකාරයකට රාජ්‍ය නිලධාරියෙකු රාජ්‍ය දේපළ අවභාවිතා කළ බවට අධිකරණය ඉදිරියේ ඔප්පු වුවහොත්  එවැනි තැනැත්තෙකුගේ ප්‍රජා අයිතියද අහිමි වනු ඇති බව ද කුලරත්න මහතා සඳහන් කළේ ය.

    මැතිවරණය ප්‍රකාශ කර තිබෙන කාලසීමාව තුළ සිද්ධීන් පිළිබඳව පැමිණිලි කිරීමට මැතිවරණ කොමිෂන් සභා  කාර්යාලයේ ජාතික මැතිවරණ කළමනාකරණ මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබේ. ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ මැතිවරණය මේ වනවිට ප්‍රකාශ කර ඇති බැවින් කිසිදු මැතිවරණ නීතියක් උල්ලංඝණය වීමේ කටයුත්තක් මෙම කලසීමාව තුළ සිදු විය නොහැක.මෙම කාලසීමාව තුළ දී රජයට
    හෝ රාජ්‍ය සංස්ථාවලට හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලවලට අයත් හෝ අයත් නම් යම් නිශ්චිත හෝ චංචල දේපළ පක්ෂ, කණ්ඩායම්, අපේක්ෂක ප්‍රවර්ධනයට හෝ අගතියට හේතුවන පරිදි හෝ නිදහස් හා සාධාරණ ඡන්ද  විමසීමකට බාධාවන අයුරින් යොදා ගැනීම වැළැක්වීම සඳහා වූ විධාන ගැසට් පත්‍රය මඟින් පෙන්වා දී තිබේ. එම  විධිවිධාන අනුව මැතිවරණ කාල සීමාව තුළ රාජ්‍ය ආයතන කටයුතු කළ යුතු බවට උපදෙස් ලබා දී තිබේ.

    ඔක්තෝබර් 08 දින සිට ඊයේ (26) දින දක්වා මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබුණු මුළු පැමිණිලි සංඛ්‍යාව  1835ක් වන අතර ඉන් නීති උල්ලංඝණය කිරීම් 1738ක් වාර්තා වී තිබේ. ගෙවුණු පැය 24ක කාල සීමාව තුළ නීති  උල්ලංඝණය කිරීමේ සිද්ධීන් 66ක් වාර්තා වී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya