අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැපැල් ඡන්ද පොළ හෝ ඡන්ද මධ්‍යස්ථාන තුළ ඡායාරූප ගැනීම සහ විකාශය කිරීම තහනම්

    ඔක්තෝබර් 26, 2019

    තැපැල් ඡන්ද පොළ හෝ ඡන්ද මධ්‍යස්ථාන තුළ ඡායාරූප ගැනීම සහ විකාශය කිරීම තහනම් බව මැතිවරණ  කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි,

    ජනාධිපතිවරණය 2019ට අදාළව ජනමාධ්‍ය වෙත නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ විශේෂ  සාකච්ඡාවක් ඊයේ (25) රාජගිරිය, මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී පැවැති අතර එහිදී අඳහස් දක්වමින්  සභපතිවරයා මේ බව සඳහන් කළේ ය.

    මාධ්‍යයට නිල ප්‍රතිඵල ලබාදීමේ භාරකරු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයායි.ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිල නිකුත් කිරීමක් පුවත්පත්වලට සිදු කරනවා. ජනාධිපතිවරණ නිල ප්‍රතිඵලය,18 වැනිදා සවස දිවුරුම් දීමට හැකි වන ලෙස ප්‍රතිඵල ලබාදීමට බලාපොරොත්තු වෙනවා. ප්‍රතිඵල නිකුත් කිරීමක් කණ්ඩායමක් හැටියට සිදු කරන්නේ.කොමිෂන් සභාව මෙය අධීක්ෂණය කරනවා. ඡන්ද  පත්‍රිකාව දිගහැරීමට කාලයක් ගත වෙනවා.පත්වෙන ජනාධිපතිතුමා ප්‍රතිඵල නිකුත් වී සති දෙකක් තුළ දිවුරුම්  දීම අත්‍යාවශ්‍යයි.

    නිල නොවන ප්‍රතිඵල දෙන එකෙන් වළකින්න.ප්‍රතිඵල ලේඛන ඡායාරූප ගත කර විකාශය කිරීම වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙස ද සභාපතිවරයා ඉල්ලා සිටියේ ය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya