අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අද ඇරඹේ- තැපැල්කරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් නිවාසවල සිටින සුනඛයන් බැඳ තබන්න- තැපැල්පති

    ඔක්තෝබර් 26, 2019

    2019 ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා දිවයින පුරා බෙදා හැරීම ආරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    මෙවර ජනාධිපතිවරණයෙහි නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා ඊයි (25) තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාර දුන් බව කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී සුනිල්  කන්නන්කර මහතා පවසයි.

    නිල ඡන්ද පත‍්‍රිකා බෙදා හැරීම සඳහා ස්ථිර සේවකයින්ට අමතරව ලියාපදිංචි තාවකාලික සේවකයින් ද යොදා ගැනීමට බලාපොරොත්තු වන බව තැපැල්පතිවරයා සඳහන් කරයි.

    නිල ඡන්ද පත‍්‍රිකා බෙදා හැරීමට පැමිණෙන තැපැල්කරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් නිවාසවල සිටින සුනඛයන් බැඳ තබන ලෙස නිවාස හිමියන්ගෙන් ඉල්ලා සිටින බව ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අද (26 වැනිදා) සිට සිදු කෙරෙන බවත්, නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු නොවැම්බර් මස අට වැනිදා (08 වැනිදා) අවසන් කරන බවත් පැවසූ ඒ මහතා නිවාස පනස් හතර ලක්ෂයකට නිල ඡන්ද පත්‍රිකා බෙදීමට නියමිත බවද ඒ සඳහා ලියාපදිංචි ආදේශකයන් අමතරව යොදා ගන්නා බවද පැවසීය.

    තවද කොළඹ දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ ඡන්ද මධ්‍යස්ථාන භාර නිලධාරින් (Sඵ්O) පුහුණු කිරීමේ වැඩමුළුවක් ද සහකාර මැතිවරණ කොමසාරිස් ශෂික රූපසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) උදෑසන කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ආරම්භ විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya