අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණය 2019 සඳහා නාම යෝජනා භාර දීම ආරම්භ වෙයි

    ඔක්තෝබර් 07, 2019

    ජනාධිපතිවරණය 2019 සඳහා නාම යෝජනා භාර දීමේ කටයුතු මීට සුළු මොහොතකට පෙර මැතිවරණ කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රයේ දී ආරම්භ විය.

    මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් නාම යෝජනා භාර දීමේ කටයුතු පෙ.ව.9.00 සිට ආරම්භ විය.

    කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය,එහි සෙසු සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ නලින් අබේසේකර හා මහාචාර්යය රාජන් හුල් යන මහතවරුන් විසින්,ඇප තැම්පත් කොට තිබු අපේක්ෂකයින්ගේ නාම යෝජනා භාර ගන්නා ලදි.

    නාම යෝජනා භාර ගැනිම පෙ.ව 9.00 සිට පෙ.ව.11.00 දක්වා සිදු කෙරෙන අතර පෙ.ව.11.30 දක්වා විරෝධතා භාර ගැනීම සිදු කෙරේ.

    නාම යෝජනා භාර ගැනිම ආරම්භ වු අවස්ථාව වන විට එම ස්ථානයට පැමිණ සිටියේ අපේක්ෂකයින් 20 කටත් අධික  සංඛාවකි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya