මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිහින්තලාව ජාතික උරුමයක් බවට ප්‍රකාශ කිරීම හෙට

    ඔක්තෝබර් 05, 2019

    ඓතිහාසික මිහින්තලා පුදබිම ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයකට පත් කිරීම ඔක්තෝබර් 06 දින මිහින්ත්ලය රජමහ  විහාරස්ථානයේ දී සිදු කිරීමට නියමිතය.

    මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වීමට නියමිතය.

    ''අනුබදු මිහිඳු මාහිමි කෘතගුණ පූජා'' පුන්‍යෝත්සව වැඩසටහන යටතේ අද (05) දින අනුබුදු මිහිදු මහ රහතන්  වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ ශ්‍රි මිහිදු පුර අටවක දින පැවැත්වෙන සර්ව රාත්‍රික මහා කෘත ගුණ පූජාව සිදු කෙරේ. සවස 5.00 සිට 6.30 දක්වා මහා හේවිසි ශබ්ද පූජාව සහ ගුවනින් ඇඳ හැලෙන මහා පිච්චමල් පූජාව පැවැත්වෙයි.

    ඔක්තෝබර් 06 වැනි හෙට දින දහස් නමක් පුජනීය ත්‍රෛනිකායික මහා සඟරුවන විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් ද පැවැත්වෙයි.

    මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ  අනුශාසනා පරිදි රාජ්‍ය අනුග්‍රහයෙන් මෙම උත්සවය පැවැත්වෙයි.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya