මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    " සිතුපියගම " " සහස්පත්ගම " ජනතා අයිතියට

    අගෝස්තු 23, 2019

    "සැමට සෙවන" උදාගම්මාන 20,000 සංකල්පය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුරියවැව - වැදිවැව ඉදි වු 260, 261 නව ආදර්ශ ගම්මානය " සිතුපියගම " " සහස්පත්ගම " නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජීත් ප්‍රේමදාස මහතා විසින් අගෝස්ත ( 24 ) දින ජනතා අයිතියට පත් කෙරේ.

    " සිතුපියගම" ආදර්ශ ගම්මානයේ හා “ සහස්පත්ගම ” නිවාස 44 ක් ඉදිකර තිබේ. මීට අමතරව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එකතු වී තවත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි.

    “ සිතුපියගම ” ආදර්ශ ගම්මානයේ පවුල් 22 කට නිවාස හිමිකම් ලබාදීම, “ සහස්පත්ගම ” නිවාස 22 සදහා හිමිකම් ලබාදීම, සංවර්ධන බිම් කොටස් 44 ක හිමිකම ලබාදීම.(වටිනාකම රු.ලක්ෂ 134 ),ප්‍රතිලාභීන් 150 ක් සදහා "විසිරි ණය" චෙක්පත් ප්‍රදානය (වටිනාකම රු.ලක්ෂ 300 ), “ නිපුන සවිය ” වැඩසටහන යටතේ පාසල් ළමුන් සදහා පොත් කට්ටල ප්‍රදාකය, වකුගඩු රෝගී සායනය හා දේශීය වෛද්‍ය සායනය, දෘෂ්ඨි ආබාධ සහිතවුවන් සදහා ඇස් කණ්ණාඩි ප්‍රදානය ආදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya