මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රධාන ජාතික භෞතික සැලසුම අනුව ක්‍රියා නොකළොත් විශාල පාරිසරික හා විශාල මුල්‍ය හානි අපට සිදුවිය හැකියි - ඇමති පාඨලි කියයි

    අගෝස්තු 21, 2019

    සමස්ත රටට ම ජාතික භෞතික සැලසුම් මේ වන විට හඳුන්වා දී ඇති අතර සෑම සංවර්ධනයක් එමඟින් සිදු කළ යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ ය.

    ඊයේ පැවැති මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ ය.

    මෙහිදි වැඩි දුරටත් අදහස්දැක් වු ඇමතිවරයා, මාර්ග,ජල සම්පාදන,නගර නිර්මාණය,වාර්මාර්ග,බලශක්ති ව්‍යාපෘති,නාගරික සංවර්ධන ව්‍යාපෘති ,යනාදිය සඳහා ලෝක බැංකුවේ ආයෝජන සිදු වන්නේ මෙම කරන්නේ ජාතික භෞතික සැලසුම් යටතේයි.
    මෙය විවිධ ක්ෂේත්‍ර යටතේ,ලංකාවේ විශේෂඥයින්ගේ උපදෙස් ලබා ගෙන නිර්මාණය කළ අතර එය විවිධ පාරිසරික තත්ත්ව,විවිධ නාගරික තත්ත්ව,ජනගහනයේ ස්වරුප,ජනගහනයේ උගත්කම හා අනාගතයේ ජනගහනයේ ආර්ථික වර්ධනය අභිලාෂය කරගනිමින් ය.මෙහිදි බස්නාහිර මහනගර සැලසුම මේ වන විට නිමා කර තිබෙන බව ඇමතිවරයා පැවසීය.නැගෙනහිර වෙරළ පළාතේ ත්‍රිකුණාමලය හා ඒ අවට ප්‍රදේශයේ ඒ හා සමාන සැලසුම් කර තිබෙනවා.ඒමෙන් ම පරිසර ඇගයිමේ ක්‍රියාවලියක් ද කර තිබෙනවා.මේ දිනවල හම්බන්තොට සිට තිස්සමහාරාම කලාපය සැලසුම් සකස් කරමින් පවතිනවා.

    එමෙන් ම අපි තොරගෙන තියෙනවා යාපනය,අනුරාධපුරය,මහනුවර සඳහා උපායමාර්ගික නගර සැලසුම් ක්‍රමයක් හා ඉදිරි කාලයේ දි කුරුණෑගල, දඹුල්ල, ත්‍රිකුණාමලය මෙයට තොරා ගැනිමට නියමිතයි.රත්නපුර ,මාතර වැල්ලවාය,ඇඹිලිපිටිය,වාලච්චේන සිට අම්පාර දක්වා කලාපය,මෙයට තමයි අනාගතයේ රජයක් ආයෝජනය කළ යුතුව ඇත්තේ.සැලසුමකට අනුව වැඩ කරනවා නම්,ණය බරින් මිදිමට නම් මෙය තමයි සැලසුම යැයි ඇමතිවරයා වැඩි දුරටත් පැවසිය.

    එහෙත් ජාතික භෞතික සැලසුම දඩබිම කරගෙන තක්කඩි දේශපාලඥයින් විසින් යම් යම් ප්‍රකාශන සිද්ධ කරනවා.එක්ක තමයි මෙ ඇමෙරිකා එක්ස්ත ජනපදයේ සැලසුමක් බව.එය පට්ටපල් බොරුවක් බව පැවසු ඇමතිවරයා මෙම සැලසුම් දේශිය විශේෂඥයින් විසින් නිර්මාණය කළ ඒවා බව පැවසිය.

    එසේම ත්‍රිකුණාමලය විකුණා දමන බව ඇතැමින් චෝදනා නැගුව ද එය ද බොරුවක් බව ඇමතිවරයා කියා සිටියි.මෙය ලෝකයට විවෘත කළේ, පරාකමබාහු රජතුමා හා විජේබාහු රජතුමා විසිනි.පොළොන්නරුවේ රාජ්‍ය රටේ අගනුවර කරගෙන මේ පිළිබඳව අධ්‍යයනය කළේ ඔවුන්ය.ඒ නිසා ත්‍රිකුණාමලය හරහා බෙංගාලි බොක්ක හරහා අති විශාල ආර්ථික කලාපයක් බිහිකරන්න අපි බලාපොරොත්තු වෙනවා.බංගලිදේශය,මියන්මාරය,ලාඕසය,කම්පුචියාව,වියට්නාමය,තායිලන්තය හා චිනය යුනෑන් ප්‍රාන්තය හරහා එක් තිරයක් එක් මාවතක් ඔස්සේ මධ්‍ය ආසියාවට යන අධිවේගි මාර්ග පද්ධතියක් තියෙනවා.ඒ නිසා අපි ත්‍රිකුණාමලයෙන් බලාපොරොත්තු වන්නේ එය ලෝකයට විවෘත කරන්න.එය ඇමරිකානු සැලසුමක් කියනවා නම් එය වංචනිකයෙකුට එසේත් නැත්නම් මෝඩකයෙකුට තමයි එසේ කිව හැකි වන්නේ.මේ හරහා මුළු නැගෙනහිර කලාපය ම දියුණු කිරිමට හැකි පවසයි.


    අපගේ ප්‍රධාන ජාතික භෞතික සැලසුම අනුව ක්‍රියා නොකරයි නම් විශාල පාරිසරික හා විශාල මුල්‍ය හානි අපට සිද්ධ වෙලා තිබෙන බවයි.මෙයින් පැහැදිලිව ම ප්‍රකාශ කරලා තිබෙන දෙයක් තමයි,අපගේ ප්‍රධාන ජනගහන කොරිඩෝව කළුතර සිට මිගමුව හරහා සිදු විය යුතුයි ත්‍රිකුණාමලය දක්වා.ඒ වගේ ම පරිසර සංවේදි කලාප ලෙස හඳුනාගත්,කැගල්ල, මහනුවර,නුවරඑළිය හා බදුල්ල ආදි ප්‍රදේශවල අතිවිශාල ජනගහනයක් පදිංචි විමෙන් අනාගතයේ විශාල ව්‍යාසනයක් සිදුවිය හැකියි.නාය යාම සිදු විය හැකියි,ඒවායේ ජල පෝෂක ප්‍රදේශවලින් මේ නිසා හැකි තරම් දුරට ඈත් කර වෙනස් ස්ථාවල ජනගහන වර්ධනය සඳහා සේවා සැපයිය යුතු බව පැවසිය.

    මෙම සැලසුම ඇති කිරිම සම්බන්ධයෙන් අමාත්‍යවරයා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවට   ස්තුතිවන්ත වන බව ප්‍රකාශ කළේ ය.

    මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම්,නිහාල් රූපසිංහ මහතා,ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජගත් මුණසිංහ මහතා යන් මහත්වරුන් සහභාගි වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya