අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමෘද්ධිලාභීන් සියලු දෙනා සවිබල ගැන්වීමට කටයුතු කරනවා-අමාත්‍ය දයා ගමගේ

    අගෝස්තු 19, 2019

    සමෘද්ධියට හිමිකම් කියන පිරිස වසර තුනක් ඇතුළත සවිබල ගැන්වීම සඳහා ව්‍යාපෘති පනස්දහසක් සැළසුම් කර ඒ සඳහා විශාල මුදලක් ආයෝජනය කර ඇතැයි ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

    පසුගිය 17 දින අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යයාලයේ පැවති වගා හානි වූ ගොවින් සඳහා වන්දි ලබා දීම වෙනුවෙන් පැවති උත්සවයක දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.

     රජයක් ලෙස ජනතාව වෙනුවෙන් කළ හැකි උපරිමය සිදු කිරීමට අවශ්‍ය කටයුතු සියල්ල සිදු කරන බවත්,පැවසූ ඒ මහතා හානියට පත්වූවන්ට වූ පාඩුව මුදලින් මැනිය නොහැකි බවත්, එහෙත් ඊළඟ කනන්යේ වගා කටයුතු වලට එය රුකුලක් විය හැකි බවත් සඳහන් කළ අමාත්‍යවරයා විශාල මුදලක් ආයෝජනය කර ව්‍යාපෘති 5000 ක් සැලසුම් කර තිබෙන බවත්, එමඟින් සමෘද්ධිය ලබන සෑම පුද්ගලයෙකුම වසර තුනක් තුළ සවිබල ගැන්වීමට බලාපොරොත්තු වන බවත් පැවසීය.

    රට තුළ පවතින විවිධ අභියෝගයන්, මෙන්ම දේශගුණික විපර්යාසයන් හමුවේ අපනයන අදායම 17% ක් දක්වා වැඩි කර ගන්නට හැකි වූ බවත් පැවසු ඒ මහතා ගොවි මහතුන් 364 කගේ වගා හානි වූ අක්කර 703 ක් සඳහා දසලක්‍ෂ 16 ක් වන්දි ලබා දෙන බව ද එහි දී පැවසීය. අර්ධ හානි සිදු වූ වගා වලට වන්දි ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගත් බවත්, සේනා දළඹුවාගෙන් හානි වූ ගොවි බිම් සඳහා ද වන්දි ලබා ගැනීමට කටයුතු කරන බව තවදුරටත් මෙහි දී සඳහන් කරනු ලැබිය.


    රාජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශ්‍රියානි විජේවික්‍රම, මන්සූර් කෝඩිෂ්වරන්, ඉස්මයිල්, පළාත් සභා මැති ඇමති වරුන්, ගොවිජන සේවා අධ්‍යක්‍ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ, වාරිමාර්ග අධ්‍යක්‍ෂ ජනරාල්, අම්පාර දිසාපති බණ්ඩාර යන මහත්ම මහත්මීහූ ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya