අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හජ් දින පණිවුඩය- සමානාත්මතාව සහෝදරත්වය හජ් උළෙලේ අරමුණයි - අග්‍රාමාත්‍ය

    අගෝස්තු 12, 2019

    සමානාත්මතාව සහ ස‍හෝදරත්වය ප්‍රමුඛ කොටගනිමින් ගොඩ නැගී ඇති ඉස්ලාම් දහමේ සියලුම වත්පිළිවෙත්, ආගමික උත්සව එකී අගනා අධ්‍යාත්මික සහ සමාජ වටිනාකම් තහවුරු කරන්නට ඉස්ලාම් බැතිමතුන් නිරන්තරයෙන් යොමුකරන අරමුණින් සංවිධානය වී ඇති බව පැහැදිලිය.

     

    මානව සංහතියේ යහපැවැත්ම වෙනුවෙන් තණ්හාව, ආශාව, ආත්මාර්ථය පසෙකලා තමන් සන්තක දෙය අන්‍යයන් හා බෙදාහදා ගැනීම ඉතා වැදගත් බව ඉස්ලාම් දහමේ මූලික ඉගැන්වීමකි. සමාජය තුළ වන ඇති නැති පරතරය, විවිධ භේදයන් දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ද ප්‍රමුඛ අරමුණයි.

    ලොව පුරා විසිර සිටින ඉස්ලාම් ජනතාව කිසිදු භේදයකින් තොරව එක්රැස්ව උරෙනුර ගැටී ලෝක සාමය වෙනුවෙන් දෙවියන් නමදින ජාත්‍යන්තර සමුළුවක් ලෙස ද හජ් උත්සවයට විශාල වටිනාකමක් ලැබේ.

    මෙවර හජ් උත්සවය සමරන ඉස්ලාම් ජනතාව සමඟ සමස්ත ශ්‍රී ලාංකික ජනතාව එක්ව අප රටේ සාමය වෙනුවෙන් ද එලෙසම කැප වී කටයුතු කරනු දැකීම මාගේ අපේක්ෂාවයි. හජ් උත්සවයේ පරමාර්ථ යථාර්ථයක් බවට පත්වන ප්‍රීතිමත් ඊදුල් අල්හා උත්සවයක් වේවායි සහෝදර ඉස්ලාම් ජනතාවට හෘදයාංගම සුභාශිංසන පිරිනමමි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya