අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලේ

    ජූලි 20, 2019

    මාතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීම සහ පවතින ගැටළු සාකච්ඡා කිරීම පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණි.

    ඒ දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය (වැ.බ) බුද්ධික පතිරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කම්ටු රැස්වීමේ දී ය.
    ගම්පෙරලිය කඩිනම් සංවර්ධන ව්‍යාපෘතිය හා ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් පිළිබඳව මෙහි දී විශේෂයෙන් විමසා බලන ලදි. මෙහි දී දිස්ත්‍රික් සංවර්ධන කමිටු අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති ගැටලු සහ යෝජනා, මාතර දිස්ත්‍රික් රාජ්‍ය ආයතනයන්හි සංවර්ධන ප්‍රගතිය හා 2019 සංවර්ධන සැලැස්ම, විමධ්‍යගත වැඩසටහන, සමෘද්ධී සංවර්ධන වැඩසටහන, මාතර - කතරගම දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය, මාතර නගර සංවර්ධනය, වෙරළ උද්‍යානය සංවර්ධනය, දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්ත්වය, කෘෂිකර්ම, ඉඩම්වා,රිමාර්ග , සත්ත්ව පාලන කටයුතු, මාර්ග සංවර්ධන කටයුතු, සෞඛ්‍ය සේවා, අධ්‍යාපන සංවර්ධන කටයුතු, මධ්‍යම පරිසර අධිකාරිය මගින් ක්‍රියාත්මක සංවර්ධන කටයුතු, නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන නිවාස සංවර්ධන ව්‍යාපෘති, දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ කටයුතු, පළාත් පාලන කටයුතු, ප්‍රවාහන කටයුතු, ධීවර සංවර්ධන ව්‍යාපෘති, ජල සම්පාදන, විදුලිය සංවර්ධන කටයුතු, කර්මාන්ත සංවර්ධනය, තැපැල් / විදුලි සන්දේශ කටයුතු ආදිය පිළිබඳව සාකච්ඡා කෙරිණි.

    මේ අවස්ථාව සඳහා මාතර දිස්ත්‍රික්කයේ ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, දකුණු පළාත් සභාවේ මැති ඇමතිවරුන්, ප්‍රාදේශීය සභා නියෝජිතයින් ඇතුළු ජනතා නියෝජිතයින් සහ මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

    මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ක්‍රමසම්පාදන අංශය රැස්වීම සංවිධානය කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya