අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඛණිජ තෙල් සංස්ථාවෙන් කිසිදු වරදක් වෙලා නෑ- අපි බාල පෙට්‍රල් බෙදාහැරලා නැහැ- ඛණිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමතිනී

    ජූලි 13, 2019

    ඛණිජ තෙල් සංස්ථාවෙන් කිසිදු වරදක් සිදු වී නැතැයි ද බාල පෙට්‍රල් බෙදාහැර නැතැයි ද ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ මහත්මිය පවසයි.

    ඛණිජ තෙල් සංස්ථාව බාලතෙල් රටපුරා බෙදාහැර ඇතැයි පසුගියදා මාධ්‍ය ඔස්සේ පළවූ පුවත් වල සත්‍ය අසත්‍යතාව සහ වර්තමානයේ ඉන්ධන වල ප්‍රමිතිය පිළිබදව පැහැදිලි කිරීමට ඊයේ දින ( 12) සෙත්සිරිපායේ දී පැවැත්වූ මාධ්‍ය හමුවේදී මේ බව නියෝජ්‍ය අමාත්‍යවරිය පැවසුවය.

    ඛණිජ තෙල් සංස්ථාව විසින් කිසිදු ආකාරයකින් බාල පෙට්‍රල් බෙදාහැරීමක් සිදුනොකර ඇති බවත් පසුගියදා ආන්දෝලනයට තුඩුදුන් මෙම තෙල් අර්බුදය ගැන නියෝජ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ, පාරිභෝගික සේවා අධිකාරියේ සංගමයක් විසින් තෙල් සාම්පලයක් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ පරීක්ෂණාගාරයකට යවා පරීක්ෂා කරවා ඇති බවත් එම පරීක්ෂණ වාර්තාවන්ට අනූව 92 ඔක්ටේන් වෙනුවට 92ට වඩා අඩු අගයක් ගත් ප්‍රමිතියේ තෙල් තිබී ඇති බවත් ය. මෙහිදී මෙම තෙල් සාම්පල් ලබාගෙන ඇත්තේ කුමන ස්ථානයකින්ද යන්න කිසිවක් සඳහන් කර නොතිබූ අතර මෙම තෙල් ලබාගෙන ඇත්තේ අයි.ඕ.සී එකෙන් බව දැනගත්තේ ඔක්ටේන් 92 සමගම යූරෝ ත්‍රී සහ යූරෝ ෆෝ තෙල් වර්ග දෙකද පරීක්ෂාවන්ට භාජනය කර තිබුණු බැවින් යැයි අනෝමා මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

    යූරෝ ත්‍රී තෙල් වර්ගය ඛණිජ තෙල් සංස්ථාව නොගෙන්වන නිසා මෙය අනිවාර්යයයෙන්ම ඉන්දියානු ඔයිල් සමාගමකට තෙල් බෙදාහරින පිරවුම් හලකින් ලබාගෙන ඇති බව තහවුරු වී ඇත. ඛණිජ තෙල් සංස්ථාව ගෙන්වන පෙට්‍රල් වල ප්‍රමිතිය ඔක්ටේන් 92 වන අතර මෙම සිදුවීමෙන් පසු කොලොන්නාවේ සහ සපුගස්කන්දේ තෙල් ගබඩා වල තෙල් නියැදි ද පරීක්ෂණ සදහා යවා ඇත. එසේ පරීක්ෂණයන්ට ලක්කළ සෑම නියැදියකම ප්‍රමිතිය ඔක්ටේන් 92 ට වඩා ඉහළ අගයක් ගෙන ඇත.

    මෙම ගැටලුව ආරංචි වූ අවස්ථාවේම අනෝමා ගමගේ මහත්මිය අවශ්‍ය නිලධාරීන්ට කළමනාකාර අධ්‍යක්ෂකවරුන්ට සහ අමාත්‍යවරයාද දැනුවත් කර කඩිනම් ක්‍රියාමාර්ග සදහා යොමුවූ බව පවසන ලදී.

    ඛණිජ තෙල් සංස්ථාවේ සාමාන්‍ය ක්‍රියා පිළිවෙලට අනූව තෙල් ලබාගත් පසු නැවට පැටවීමට පෙර මෙන්ම නැවේදී ගබඩා ටැංකි වල යකඩ මළ සමග මිශ්‍රවී ප්‍රමිතිය බාලවිය හැකි බැවින් නැවෙන් ගොඩබෑ පසුද පරීක්ෂාවන්ට ලක්කරන බව සදහන් කරයි.
    නමුත් ඉන්ධන පිරවුම්හල් වලදී තෙල් කලවම් කිරීම් සිදුවිය හැකි අතර මේ පිළිබද සොයා බැලීමට දිවයිනේ පළාත් රැසකම තෙල් පරීක්ෂාවන්ට මේ දිනවල භාජනය කර ඇත. එනම් මෙහිදී සෑම ප්‍රදේශයකම 5% ක තෙල් නියැදි පරීක්ෂාවන් සිදුකරන අතර තෙල් වල දෝෂයක් තිබී එය තහවුරු වුවහොත් අදාළ ඉන්ධන පිරවුම්හල් වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් එම පිරවුම්හල් වලට තෙල් ලබාදීම නවත්වා ඒවා වසා දැමීමට පියවර ගැනීමට ඛණිජතෙල් සංස්ථාව බලාපොරොත්තු වෙයි.
    මේ දක්වා සිදුකල පරීක්ෂණ වලදී තෙල් මිශ්‍රකිරීමක් සිදුවී ඇති බවට කිසිදු සාධකයක් හමු නොවූ බව අනෝමා මහත්මිය පවසයි.
    මෙහිදී මෙම ගැටලුව නිසා රථවාහන හිමියන් අසාධාරණයට ලක්වන බැවින් ඔවුන් වෙනුවෙන් රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබදව මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයට නියෝජ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ

    තවම පරීක්ෂණ කටයුතු කෙරීගෙන යන බැවින් මේ සම්බන්ධයෙන් රජය තවම තීරණයක් ගෙන නොමැති අතර මෙහිදී යම් පාඩුවක් සිදුව ඇත්නම් ඒ පිළිබද සොයා බලා සුදුසු පියවර ගන්නා බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya