මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සූර්ය බලශක්තිය අධෛර්යමත් කිරීමට තීරණයක් ගෙන නෑ- අමාත්‍ය රවී කරුණානායක

    ජූනි 18, 2019

    සූර්ය බලශක්තිය අධෛර්යමත් කිරීමට තීරණයක් ගෙන නැතැයි ද පුනර්ජනනීය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති තීරණ රජය විසින් ගනු ඇති බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රවී කරුණනායක මහතා පවසයි.

    විදුලි බල මණ්ඩලය විසින් කිලෝ වෝට් 50ට වැඩි සූර්ය බල පද්ධති ස්ථපිත කිරීම වෙනුවෙන් ඉල්ලුම්පත් භාර ගැනීම අත් හිටුවීමේ චක්‍රලේඛනයක් නිකුත් කිරීමක් සිදු කර නැතැයි ද  අමාත්‍ය රවී කරුණනායක මහතා පැවසීය

    සූර්ය බලශක්ති වැඩපිළිවෙල අධෛර්යමත් කිරීමේ වැඩපිළිවෙලක් ඇතැයි පවසමින් ස්ථාවර නියෝග 27(2) යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

     නෙට් මීටරින් ක්‍රමය සහ නෙට් කවුන්ටින් ක්‍රමය අහෝසි කිරීමටත් නෙට් ප්ලස් ක්‍රමය යටතේ පාරිබෝගිකයන්ට කරනු ලබන ගෙවීම් කිරිමට සැලසුම් කර නැතැයි ද අමාත්‍යවරයා පැවසීය.පියැසි මත සූර්ය ජනන පද්ධති සවි කර විදුලිය ජනනය කිරීමේ වැඩසටහන ආරම්භයේ දී එම වැඩසටහන යටතේ මෙගාවෝට් 100ක් ජාතික පද්ධතියට එකතු වීමෙන් පසු එම වැඩසටහනේ තාක්ෂණික තත්ත්වය යටතේ මූල්‍ය බලපෑම සමාලෝචනය කිරීමට කටයුතු කිරිමේ පදනම මත නෙට් පල්ස්, නෙට් මීටරින්,නෙට් එකවුන්ටින් ක්‍රමවේද මෙරට පාරිබෝගිකයන්ට හඳුන්වා දෙන ලදී.

    මේ වනවිට මෙගාවෝට් 200කට වැඩි ධාරිතාවක් එක් වී ඇති අතර මෙම තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා විදුලි බල මණ්ඩලය මඟින් කොමිටි තුනක් පත් කර ඇත.සූර්ය බලාගාර 126ක් සඳහා මේ වනවිට ටෙන්ඩර් පිරිනමා ඇත. සූර්ය බලාගාර 126ක් සඳහා මේ වනවිට ටෙන්ඩර් පිරිනමා ඇත.දෙන්නෙක් තුන්දෙනෙක් නොමඟ යනවා. ගෘහස්ථ මිල වැඩි වීමට ඉඩ දෙන්නේ නෑ. මෙගා වෝ 1200ක් පමණ 2020 වනවිට අවශ්‍ය වෙනවා.

    සූර්ය බලශක්තිය ප්‍රවර්ධනය කරන්න කියලා ජනාධිපති තුමා අගමැතිතුමාත් උපදෙස් ලබාදී තිබෙනවා. සූර්ය බලශක්තිය අධෛර්යමත් කිරීමට තීරණයක් ගෙන නෑ. පුනර්ජනනීය බලශක්තිය ශක්තිමත් කිරීම සඳහා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට සූර්ය බලය තුළින් දේශීය බලශක්ති ප්‍රභව අධ්‍යයනය කිරීම තුළින් බලශක්ති සුරක්ෂිතාවය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති තීරණ රජය විසින් ගනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya