අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂ ආරක්ෂාවක්- දෙවන පාසල් වාරය අද ඇරඹේ

    මැයි 06, 2019

    දෙවන පාසල්වාරය අද (6)ආරම්භ වෙයි.

    පසුගිය අප්‍රේල් 21 දින පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පාසල් දරුවන්ගේ ආරක්ෂාව සඳහා ආරම්භ වීමට තිබූ දෙවනවරයේ පාසල් ආරම්භ කිරීම නතර කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළේය.

    පාසල් ආරම්භ කිරීමට පෙර පාසල් පරිශ්‍ර මෙන් ම පසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂී ආරක්ෂිත පියවර රැසක් අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කිරීම ආරම්භ කළේය.පොලීසිය,ත්‍රිවිධ හමුදාව,පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් දිවයිනේ සියලු පාසල් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළේ ය.

    ඒ අනුව කොළඹ ඇතුළු සියලු පාසල්වල ආරක්ෂාව සොයා බැලූ අතර  අද දින කොළඹ අතුළු දිවයිනේ රජයේ මෙන් ම පෞද්ගලික පාසල් ආරම්භ කිරීමට සිදු වෙයි.

    පාසල් ආරම්භ කිරීමෙන් පසු විශේෂ ආරක්ෂක පියවරක් ලෙස පාසල් පරිශ්‍ර අවට කිසිදු රථ වාහනයක් නවතා නොතබන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ජනතාවගෙන් ඉල්ලීමක්
    කළේ ය.ඒ අනුව පාසල් සඳහා දරුවන් රැගෙන එක පාසල් වෑන් හා බස් රථ වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය විසින් කටයුතු කර ඇත.

    පාසල් වෑන් හා බස් ර්ථ පාසල් ආසන්නයේ නවතා තැබිය නොහැකි අතර ඒ ඒ විද්‍යාලවලට අයත් රථවාහන නවතා තැබීමට රථ ගාල් හඳුන්වාදීමට කටයුතු කර තිබේ. අදාළ පාසල පිහිටි පොලිස් බලප්‍රදේශයේ පොලීසියේ
    පූර්ණ සුපරික්ෂණයෙන් මෙම කටයුතු අධීක්ෂණය වෙයි. ඒ අනුව අදාළ රථගාලේ වාහන  නවතා තැබිය යුතුය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya