අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් ආරක්ෂාවට වැඩපිළිවෙලක් - අධ්‍යාපන අමාත්‍ය

    මැයි 02, 2019

    පාසල්වල ආරක්ෂව සම්බන්ධයෙන් ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (2) කොළඹ, අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවක දී මේ බව කීය.

    එහිදී අඳහස් දැක් වූ අමාත්‍යවරයා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශවලින් ඉල්ලීමක් කර ඇති බවත් සියලු පාසල් ආරක්ෂා සහිතව ආරම්භ කළ යුතු බවත් ය. ඒ අනුව පාසල් පරික්ෂා කර දෙන ලෙස ද ඉල්ලීමක් කළ බව අමාත්‍යවරයා පැවසීය.

    දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පියවර ගෙන තිබෙන බව කී අමාත්‍යවරයා, විදුහල්පතිවරුන්ට අවශ්‍ය පියවර ගැන දැනුවත් කර තිබෙන බව කීය.

    සියලු තීරණ තනිවම ගෙන නොමැති බවත් පසුගිය සිදුවීමෙන් ගැටළුවලට මුහුණ දුන් දරුවන්ට සුරක්ෂා රක්ෂණය යටතේ රක්ෂණය ලබාදෙන්න පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    පසුගිය 21 දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් පාසල් වාරය ආරම්භ කිරීම තාවකාලීකව නතර කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබූ අතර මැයි 06 දින යළි පාසල් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පාසල් අසළ කිසිදු වාහනයක් නැවැත්වීමෙන් වළකින ලෙසය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya