අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''ෆෝනී'' සුළි කුණාටුව දිවයිනෙන් ඉවතට ගමන් කරමින් ඉන්දියාවේ ඔඩිස්සා වෙරළ දෙසට-කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    මැයි 02, 2019

    මධ්‍ය-බටහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ඊශාන දෙසින් පවතින අතිශයින් චණ්ඩ සුළි කුණාටුව (‘ෆොනී’) මැයි 01 වන දින ප.ව. 11.30 වන විට යාපනය සිට ඊසාන දෙසින් කි.මී.750 පමණ දුරින් උතුරු අක්ෂාංශ 15.2 ත් නැගෙනහිර දේශාංශ 84.1 ත් ආසන්නව ස්ථානගතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    මෙම පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් උතුරට බරව ඊසාන දෙසට ගමන් කර ඉන්දියාවේ ඔඩිස්සා වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අනුමාන කෙරේ.

    දිවයිනේ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර තද සුළං සහ තද වැසි තත්ත්වයක් තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වේ.

    දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකර ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද, ඌව සහ දකුණු පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මි.60 දක්වා තද සුළං බලාපොරොත්තුවේ.

    දිවයිනේ සබරගමුව, මධ්‍යම, දකුණු, බස්නාහිර, ඌව සහ වයඹ පළාත්වල සහ මන්නාරම දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී.100 පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැක.සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද අද (2) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya