මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස් නිලධාරින් තිදෙනෙකු ජීවිතක්ෂයට

    අප්‍රේල් 21, 2019

    කොළඹ දෙමට ගොඩ අද ඇති වූ සිදුවීමෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක අද (21) සවස ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති නිල මාධ්‍ය හමුවේ දී මේ බව කීය.

    මියගිය පොලිස් නිලධාරීන් අතර කොළබ අපරාධ කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂකවරයකු සිටින බවත් පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් සිටින බවත් කීය. තවත් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. අද සවස දෙමටගොඩ ප්‍රදෙශයේ පිපිරීමක් වාර්තා විය.එහි මෙහෙයුම් අතරතුරු මෙම නිලධාරීන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya