අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඝණ ආහාර සහ අර්ධ ඝණ ආහාර සදහා වර්ණ සංකේත ක්‍රමය ජුනි 01 දා සිට

    අප්‍රේල් 16, 2019

    ඝණ ආහාර සහ අර්ධ ඝණ ආහාර සදහා වර්ණ සංකේත ක්‍රමය ජුනි මස 01 දා සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    ඊට අදාල ගැසට් නිවේදනය ඉදිරියේ දී නිකුත් කිරීමට නියමිත අතර, එම ගැසට් නිවේදනයට සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා අත්සන් කරන ලදි.

    මෙම වර්ණ සංකේත ක්‍රමය අප්‍රේල් මස 02 සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අතර, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් අදාල ගැසට් නිවේදනය භාෂාවලට පරිවර්තනය කිරිම ප්‍රමාදවීම නිසා එදින සිට මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. මෙම වැඩපිළිවෙල සදහා බිස්කට් නිෂ්පාදකයින්ගේ සහ රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගම්වල ද සහයෝගය ලැබී ඇත.

    මීට පෙර සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත පැණිබීම සදහා වර්ණ සංකේත ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya