අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාන් ඔය පවුල් 78ක් සඳහා පූර්ණ වන්දි පිරිනැමේ

    අප්‍රේල් 05, 2019

    යාන් ඔය ජලාශයට යටවූ අලියාගොඩ, වාගොල්ලාකඩ, පහල දිවුල්වැව පවුල් 78ක් සඳහා රුපියල් 66,760,500ක වන්දි මුදල් පිරිනැමීම කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

    මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩබ්.එම්.වන්නිනායක මහතා මෙන්ම ව්‍යාපෘති අධ්‍යක්ෂ උදය හේමකුමාර මහතා ද එක්විණ.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා -

    යාන් ඔය වන්දි ගෙවීම මෙච්චර කල් ප්‍රමාද වුණේ මේක පටන් ගනිද්දි හරියාකාරව අවශ්‍ය ක්‍රියාදාමය නොතිබ්බ නිසා, ඒ වන්දි ගෙවීම ප්‍රමාද වුණා.හැබැයි අපි දැන් මාස දෙක තුනකට ඉස්සර වෙලා ඒ අවශ්‍ය කැබිනට් පත්‍රිකා අනුමැතියක් ලබාගෙන වන්දි ගෙවීම් කටයුතු කරනවා.මම හිතන්නේ ඉතුරු වන්දි ටිකත් හැකි ඉක්මනින් ගෙවලා ඉවර කරන්න තමයි සූදානම් කරලා තියෙන්නේ.

    එහිදී අමාත්‍යවරයා වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව අමාත්‍යවරයා අදහස් පළ කළේය.

    අයවැයෙන් අපිට පැහැදිලි ජයග්‍රහණයක් තියෙනවා.ඒ සඳහා අපි සූදානම් වෙලා ඉන්නවා.TNA එක දන්නවා තියෙන ආණ්ඩුවට සහයෝගය ලබා දෙන්න ඕන රට සංවර්ධනය කරන්න කියලා.අවුරුදු 20ක් 30ක් ඒ මිනිස්සු යුද්ධයෙන් බැට කෑවා.ඉතින් ඒක නිසා දැන්වත් තියෙන ආණ්ඩුවෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන.එයාලා දන්නවා මේක ජනතාවාදී අයවැයක් කියලා.එයාලට තේරෙනවා මේකට සහයෝගය දීලා උතුරු ප්‍රදේශවල පසුගිය කාලයේ නොවුණු සංවර්ධනය දැන් කරගත යුතුයි කියලා.

    අයවැයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ලැබේදැයි මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානියා හැටියට, නායකයා හැටියට පාක්ෂිකයන්ගේ යුතුකම තමයි මේකට සහයෝගය දීම.

    විදුලි අර්බුදය පිළිබඳව ද අමාත්‍යවරයා අදහස් දැක්වීය.

    විදුලි අර්බුදය විසඳන්න 10වෙනිදා වෙනකොට රවී කරුණානායක ඇමතිතුමා එකඟවෙලා තියෙනවා විදුලිබල ඇමතිවරයා විදිහට.පසුගිය දවස්වල මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා, ඒ ආණ්ඩුව කාලේ විදුලිය කැපුවේ නෑ කියලා.නමුත් ඒක පට්ටපල් බොරුවක්. මහින්ද රාජපක්ෂ මැතිතුමාට පසුගිය කාලයේ වුණ දේවල් අමතක වෙලා.ඒ ගැන මම කණගාටු වෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya