මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘‘නිල සෙවණ’’ කාර්යාල තුනක් සහ සුරක්ෂිත මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

    පෙබරවාරි 24, 2019

    ග්‍රී ලාංකීය ජනතාව ස්වාභාවික ආපදාවලින් ආරක්ෂා කර ගැනීමේ උදාරතර පරමාර්ථය පෙරදැරිව ඉදිකළ සුරක්ෂිත මධ්‍යස්ථානයක් සහ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව ක‍්‍රියාත්මක ‘‘නිල සෙවණ’’ ව්‍යාපෘතියට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකළ නිල සෙවණ කාර්යාල තුනක් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සුරතින් ජනතා අයිතියට පත් කෙරේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.

    ඒ අනුව ගාල්ල, මිලිද්දූව ග්‍රී සුදර්ශනාරාම සුරක්ෂිත මධ්‍යස්ථානයද වැලිපත,  කුඹල්වැල්ල දකුණ සහ ගල්වඩුගොඩ ජනතා අයිතියට පත් කිරීමට නියමිත නිල සෙවණ කාර්යාල වෙයි. අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන මත 2020 අවසානය වන විට ''නිල සෙවණ'' කාර්යාල 14,000 ක් ඉදි කිරීමට නියමිත අතර ඒ මගින් කාර්යක්ෂම, විශ්වාසනීය හා ගුණාත්මක රාජ්‍ය සේවයක් ගමේ ජනතාව අතරට ගෙනයාම සදහා අවස්ථාවක් ලැබෙනු ඇත.

    මෙම කාර්යාල ග්‍රාම නිලධාරී, සංවර්ධන සංවර්ධන නිලධාරී, සමෘද්ධි නිලධාරී හා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර යන ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ප්‍රයෝජනය සඳහා භාවිතා වන අතර ගමේ පොදු කටයුතු සඳහා ද යොදාගත හැකි ආකාරයෙන් ඉදි කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya