අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංගම පෞද්ගලික අංශයට පැවරීමක් සිදුවන්නේ නෑ- ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය

    පෙබරවාරි 22, 2019

    ලංකා ගමනාගමන මණ්ඩලය පෞද්ගලික අංශයට පැවරීමක් සිදු නොකරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (22) පාර්ලිමේන්තුවේ දී විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ස්ථාවර නියෝග 27(2) යටතේ සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමිනි.

    පසුගිය රජය සමයේ පාඩු ලැබූ ලංගමය 2017 වසරේ සිට ලාභ ලබන ආයතනයක් බවට පත් කොට ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය. පාඩු ලබමින් තිබූ ලංගමයේ ඩිපෝ 79ක සේවකයින්ගේ වැටුප් ගෙවා නොතිබුන්ණි.

    යහපාලන රජය යටතේ සේවකයින් 32000ක් සඳහා රුපියල් 13,500ක් බැගින් පාරිතෝෂික මුදල් ගෙවීමට කටයුතු කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya