මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුරු අභිමානි ප්‍රණාම උළෙල මාතලේ දී

    පෙබරවාරි 07, 2019

    මාතලේ අධ්‍යාපන කලාපය තුල සේවය කරන ගුරුවර ගුරුවරියන් ඇගැයීමේ ගුරු අභිමානි ප්‍රණාම උළෙල තුන්වන වරටත් අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන බව මාතලේ කාලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මහින් එස් යාපා මහතා පැවසීය.

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 9 වන දින පෙ.ව. 9.00ට මාතලේ හෝටල් පාසැල් ශ්‍රවණාගාරයේදී ඇගැයිමේ උත්සවය පැවත්වේ.

    මාතලේ අධ්‍යාපන කලාපය තුල ගුරුවරුන් 3305ක් සේවය කරන අතර ඔවුන් අතරින් 1406 දෙනෙකු සදහා උපහාර පිදීමට නියමිතය. අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවත්වෙන ගුරු අභිමානි ප්‍රණාම උළෙලෙදී වැඩිම ලකුණු ලබාගත් ගරුවරුන් 555ක් ඇගැයීමට ලක්කිරීමට කටයුතු කරන බව කලාප අධ්‍යක්ෂ මහින්ද එස් යාපා මහතා පැවැසීය.

    කිසිදු වරප්‍රසාදයක් අපේකෂාවෙන් තොරව තමන්ගේ කාලය ශ්‍රමය වැය කරමින් නිවාඩු දිනවල හා පාසැල් වේලාවෙන් පසුව දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන ගරුවරුන් සිටි. ඔවුන්ගේ සේවය කිසිවිටකත් ඇගැයීමට ලක්වෙන්නේ නැහැ. ඔවුන් ඇගැයීම තුලින් ඉතාමත් ගුණාත්මක සේවාවක් ලබාගැනීමට හේතුවන බවද කලාප අධ්‍යක්ෂ වරයා වැඩිදුරටත් පැවැසීය.

    ගුරු ප්‍රණාම උළෙල සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරිමේ අවස්ථාවට සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.බී. ගොඩමුන්න, එම්.ආර්.එන් රිල්වාන් යන මහත්වරුන්ද සහභාගි විය.

    DMU/Matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya