අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මඩකළපුව දිස්ත්‍රක්කයේ පෝරතිවු පත්තු - තුම්පංකේණි ඉදි වූ ආනන්දපුරම් ජනතා අයිතියට

    ජනවාරි 28, 2019

    ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මඟින් ගම්උදාව සංකල්පය යටතේ මඩකලපුව දිස්ත්‍රක්කයේ 161 ආදර්ශ ගම්මානය වන මඩකලපුව දිස්ත්‍රක්කයේ පෝරතිවු පත්තු - තුම්පංකේණි ඉදි වූ ආනන්දපුරම් අද (28) ජනතා අයිතියට පත් කෙරේ.

    ශ්‍රී ලාංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් හා ආශිර්වාදයෙන්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාර්ගෝපදේශකත්වයෙන්, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීම සිදු කෙරේ.

    නව නිවාස 25 ක්, අභ්‍යතර මාර්ග පහසුකම්,මාර්ග ප්‍රවේශ යන සියලු පහසුකම් වලින් ආනන්දපුරම් සමන්විතව ඇත.ආනන්දපුරම් ආදර්ශ ගම්මානයේ පවුල් 25කට නිවාස හිමිනම් ලබාදීම, සංවර්ධිත බිම් කොටස් 25ක හිමිකම් ලබාදීම, ප්‍රතිලාභීන් 100 ක් සඳහා විසිරි ණය චෙක්පත් ලබාදීම, ප්‍රතිලාභීන් 160 ක් සඳාහා නිවාස ආධාර චෙක්පත් ප්‍රධානය, ප්‍රතිලාභීන් සදහා ආර්.ඩී.බී. බැංකුව මඟින් ස්වයං රැකියා ණය ප්‍රධානය, දෘෂ්ටි ආබාධ සහිත වූවන් සඳහා ඇස් කණ්නාඩි ප්‍රධානය හා කලාකරුවන් සඳහා වෛද්‍ය ආධාර ලබාදීම වැනි සේවා රැසක් මෙයට සමගාමීව ක්‍රියාත්මක වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya