අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 10කට පසුව කැළණිවැලි මාර්ගයට නව දුම්රියක්

    නොවැම්බර් 20, 2018

    පසුගිය කාල පරිච්ඡේදය පුරා මගී ජනතාව විසින් කරන ලද ඉල්ලීම් සහ විවිධ ජනමාධ්‍ය මගින් පෙන්වාදුන් අවශ්‍යතාවක් වු කැලණිවැලි මාර්ගය සදහා වසර 10කට පසුව නව දුම්රියක් ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

    ඒ අනුව රුපියල් දශලක්ෂ 70ක පමණ වියදමින් පූර්ණ නවිකරණය කරන ලද මැදිරි 05කින් යුතු දුම්රියක් කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වාත් අවිස්සාවේල්ලේ සිට කොටුව දක්වාත් ධාවනය ආරම්භ කිරිම 17 වැනි දින පස්වරු 4.20ට සිදු කෙරිණි.

    1990 වසරේ මෙරටට ආනයනය කරන ලද මෙම එස් 8 වර්ගයේ බලවේග කට්ටලය පුර්ණ වශයෙන් රත්මලාන දුම්රිය ඉංජිනේරු වැඩපල තුල අලුත්වැඩියා කර ඇති අතර මැදිරි දේශිය සමාගමක් විසින් පුර්ණ වශයෙන් අළුත්වැඩියා කර ඇත.

    පැරණි මැදිරි 200ක් නවීන පහසුකම් සහිතව නවිකරණය කිරිමේ ව්‍යාපෘති යටතේ මේ වනවිට ධාවනය සදහා දුම්රිය මැදිරි 68ක් ලබා දී ඇත. දළ වශයෙන් මෙම දුම්රිය මැදිරියක් නවීකරණය කිරිමට රුපියල් මිලියන 12ක් පමණ වැය වන බවත්, මේවැනි මැදිරියක් ආනයනය කිරිම සදහා රුපියල් මිලියන 28ක් පමණ වැය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කරන අතර මේ ව්‍යාපෘතිය තුලින් විශාල විදේශ විනිමයක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබි ඇත.

    මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මේ වසර අවසන් වීමට පෙර තවත් දුම්රිය මැදිරි 160ක් හා මැදිරි 11කින් යුතු ඉන්දියාවේ නිෂ්පාදිත බලවේග කට්ටල 02ක් ආනයනය කිරිමට කටයුතු කර ඇත. එමෙන්ම උඩරට මර්ගයේ ධාවනය සදහා දුම්රිය එන්ජින් 06ක් ලබන වසරේ ආනයනය කිරිමට සියළු කටයුතු නිමකොට ඇත.

      කැළණිවැලි දුම්රිය මාර්ගයේ ආරම්භ කල දුම්රිය සේවාව සදහා ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු ඇතුළු නිළධාරින් පිරිසක් සහභාගී විය.

    මෙහිදී කරුණු දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා; කාර්යාල මගීන් ඇතුළු විශාල මගීන් පිරිසක් කොළඹට පැමිණෙන්නේ කැලණිවැලි මාර්ගයේ දුම්රිය වලින්, විවිධ හේතුන් නිසා කැළණිවැලි මාර්ගයේ සේවා සඳහා
    අලුත් දුම්රිය එන්ජින් මැදිරි ලබාදීමට දුම්රිය දෙපාර්තමේන්තුවට නොහැකිවුනා. අනෙක් ප්‍රධාන මාර්ගවල තිබු අවශ්‍යතාවයන් ඉටුකිරීමට සිදුවූ බැවින් කැලණිවැලි මාර්ගයේ අවශ්‍යතාවයන් ඉටුකිරීමට බැරිවුනා. නමුත් වසර 10කට පසුව හෝ ඔවුන්ගේ ඉල්ලීම ඉටුකිරීමට හැකිවීම පිළිබඳව මා අමාත්‍යවරයා ලෙසට සතුටුවෙනවා. තවත් මාස 2කින් පසුව නව මැදිරි සහිත දුම්රියක් කැලණිවැලි මාර්ගයට ලබාදීමට දෙපාර්තමේන්ත්වට මා උපදෙස් ලබාදී තිබෙනවා. ජනතාව මේ මාර්ගයේ ධාවනය වන දුම්රිය වලට කිව්වේ මලකඩ කුමාරියෝ කියල. නමුත් ඉදිරියේදී ඒ නම වෙනස්කරලා සමනල කුමාරියෝ බවට පත්කරන්න දුම්රිය දෙපාරතමේන්තුව කටයුතු කරනවා.නමුත් මේ මොනවා කරත් ජනතාව මේවා ආරක්ෂා කරගත්තේ නැත්නම් ප්‍රතිපලයක් නැහැ.

    දුම්රිය සේවාව නගාසිටුවීමට පසුගිය කාලයතුල විශාල වැඩකොටසක් අපි සිදුකලා එහි ප්‍රතිපල ඉදිරිකාලයේදී ජනතාවට ලැබෙනවා. ලබන වසර වනවිට තවත් දුම්රිය මැදිරි 160 ක්,එන්ජින් 12ක් බලවේග කට්ටල 6ක් ආනයනය කරන්න කටයුතුකර තිබෙනවා.ඒ අනුව ඉදිරි කාලයේදී දුම්රිය සේවාවේ විශාල ප්‍රගතියක් ලබාදීමට හැකියාව ලැබීතියෙනවා.ඒ වගේම කැලණිවැලි මාර්ගය ද්විත්ව මාර්ගයක් ලෙසට පුළුල් කරන්න කටයුතු කරනවා . ඒ සඳහා ආසියානු සංවර්දන බැංකුවේ සහන නය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 200ක් ලබාදී තිබෙනවා. අපි මොන දේශපාලන මත දැරුවත් ජනතාවගේ අවශ්‍යතාවන් අනුව කටයුතු කරන්න ඕන. දේශපාලනඥයන් වශයෙන් එය වගකීම හා යුතුකමක්.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya