මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 2018 උපාධි ප්‍රධානෝත්සවය

    නොවැම්බර් 14, 2018

    ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 2018 උපාධි ප්‍රධානෝත්සවය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්වුණි.

    ඒ,කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ය.

    අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සුරතින් මෙහිදී දෙදෙනෙක් දර්ශනපති උපාධි ද 213ක් පශ්චාත් උපාධි හා විද්‍යාපති උපාධි ද තවත් දහසක් ප්‍රථම උපාධි ද හිමිකර ගනු ලැබීය.

    රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය 1981 වසරේ දී අංක 61 දරණ පාර්ලිමේන්තු පණත මගින් උසස් දැනුමෙන් යුතු ත්‍රිවිධ හමුදා නිලධාරීන් බිහි කිරීමේ අරමුණෙන් ආරම්භ කළ අතර, 2009 වර්ෂයේ දී ත්‍රිවිධ හමුදා නිලධාරීන් සඳහා පමණක් වෙන්වූ මෙහි සිවිල් දු පුතුන්ට ද උපාධි ලබාගැනීමේ අවස්ථාව ලබාදෙනු ලැබීය.‍

    මෙම උපාධි ප්‍රධානෝත්සවයේ දී අංක 31 හි දක්ෂතම යුධ හමුදා නිලධාරියා වශයෙන් දෙවන ලුතිනන් ජේ.වි.එන්.එල්.ජයසේකර ද, දක්ෂතම ගුවන් හමුදා නිලධාරියා වශයෙන් ඩබ්.ඒ.එස්.යූ.ඩී.කොස්තා ද, දක්ෂතම නාවික හමුදා නිලධාරියා වශයෙන් උප ලුතිනන් සී.එස්.සේරසිංහ ද මෙම වර්ෂයේ වැඩිම ලකුණු ලාභියා වශයෙන් අනේවාසික උපාධි අපේක්ෂක එන්.ජී.ලියනාරච්චි ද අතිශූර නිලධාරියා වශයෙන් දෙවන ලුතිනන් ජී.ඩී.එච්.පී.ගම්ලත් ද තේරී පත්විය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya