නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙසක් මංගල්‍ය වෙනුවෙන් කිරිවෙහෙරේ කප්රුක් පුජාවක්

    අප්‍රේල් 29, 2018

    වෙසක් උත්සවය වෙනුවෙන් ඉඩම් හා පාර්ලි‌‌මේන්තු ප්‍රතිසංස්කරණ ඇමති ගයන්ත කරුණාතිලක මහතාගේ මඟ පෙන්වීම යටතේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් කතරගම ඓතිහාසික කිරිවෙහෙර සෑරඳුන් වෙනුවෙන් කප්රුක් පුජාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    අද (29) ඉඩම් ඇමති ගයන්ත කරුණාතිලක මහතාගේ ආරධනයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් කිරිවෙහෙර චෛත්‍යරාජයාණන් වෙත කපුරුක් පුජාව කිරීම සිදු කෙරේ.

    මෙම අවස්ථාවට විශේෂයෙන් සහභාගී වන ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ පංචතුර්ය වාදන ශිල්පින් විසින් ආශිර්වාද ශබ්ද පුජාවක් පැවැත් වීමට නියමිතය. ඓතිහාසික කිරිවෙහර රාජමහා විහාරයේ විහාරාධිපති - රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ගේ මූලිකත්වයෙන් ආගමික වතාවත් සිදු කෙරේ. මෙම අවස්ථාවට ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් එච්.කේ. කරුණාරත්න - ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන්සභාවේ සභාපති සම්පත් සුභසිංහ ආරච්චි මහතා ඇතුළු නිලධාරින් සහභාගී වෙති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya