වෙසක් පෝය සමයේ පැවැත්වෙන දන්සැල් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අඳහස් දක්වමින් උපුල් රෝහණ මහතා මේ බව සඳහන් කළේ ය.
විශේෂයෙන් ජනතාව ලබාගන්නා ආහාරයක් විෂ වීමෙන් සිදුවන රෝගී තත්ත්වයෙන් ජනතාව වළක්වාගැනීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කෙරෙන නමුත් කිසිම ලෙසක දන්සැල් දීම අධෛර්යමත් කිරීමක් නොවන බවත් උපුල් රෝහණ මහතා පැවසීය.
ඉදිරි දිනවල දී ක්‍රියාත්මක කෙරෙන සියලු දන්සැල් පරික්ෂා කිරීමේ කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් සිදු කරනු ලබනවා.ලබදෙන උපදෙස් පිළිනොපදින දන්සැල් සඳහා අවශ්‍ය නියෝග නිකුත් කිරීමට හා නීතිමය කටයුතු කිරීමට සිදු වෙනවා.එබැවින් මහජන සෞඛ්‍යයට හිතකර ලෙස දන්සැල් පවත්වාගෙන යන ලෙස සංවිධයකයින්ගෙන් ඉල්ලා සිටිනවා.