අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා අමාත්‍යාංශයේදී පැවති "උපාධිධාරී ව්‍යාපාර උදානය " වැඩ සටහනේදී සරසවි උපාධිධාරීන් 32 කට ස්වයං රැකියා සඳහා මූල්‍යමය ආධාර ලබා දීමේ උත්සවයේදීය. මෙම උත්සවය සංවිධානය කර තිබෙන්නේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA - National Enterprises Development Authority) විසිනි.
මෙහිදී කැලණිය, යාපනය, පේරාදෙණිය හා රජරට යන විශ්වවිද්‍යාල වල උපාධිධාරී සිසුන් 32 කුට නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා මූල්‍යමය ප්‍රතිපාදන අමාත්‍යවරයා අතින් පිරිනැමුණි. එහිදී එක් සිසුවෙකුට රු.150,000.00 කට ආසන්න මුදලක් පරිත්‍යාග ලෙස ලැබුණි. එසේම මෙම සිසුන්ට ව්‍යාපාර සඳහා අවශ්‍ය වන මූලික දැනුම හා පුහුණුව NEDAආයතනය මඟින් නොමිලේ ලබා දී තිබුණි. සිසුන්ට ලබා දුන් ප්‍රතිපාදනවල මුළු වටිනාකම රු.4,484,500.00 කි.
මෙහිදී යන්ත්‍රෝපකරණ හා තාක්ෂණය සපයන්නන්ගේ නාමාවලිය ද එළි දැක්වුණි. එම ග්‍රන්ථය NEDA ආයතනයේ සභාපති ඕමාර් කාමිල් මහතා විසින් අමාත්‍යවරයාව පිළිගන්වනු ලැබීය. එමෙන්ම ඉන්සී (Insee) සිමෙන්ති පුද්ගලික සමාගම සමඟ පෙදරේරු ක්ෂේත්රයේ ව්‍යවසායකයින් පුහුණුවට හා ස්වයං රැකියා අවස්ථා උදා කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමත්, අමාත්‍යාංශයේදී පැවැත්වුණි.
එසේම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරින්ට ඔවුන්ගේ සේවාවන් කාර්යක්ෂම කිරීම සඳහා ලැප්ටොප් යන්ත්‍ර හා ටැබ් පරිගණක පිරිනැමීමක්ද මෙහිදී අමාත්‍යවරයා අතින් සිදුවිය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය.
"මගේ අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හෙවත් නේඩා ආයතනය "උපාධිධාරී ව්‍යාපාර උදානය " වැඩසටහන ආරම්භ කරන්නේ 2004 වසරේදීයි. ඉන් පසුව මේ වැඩසටහන යටතේ අපි විශ්ව විද්‍යාලවලින් තෝරාගත්, ඒ වගේම ව්‍යාපාර ක්ෂේත්රයට කැමති සිසුන්ට ව්‍යාපාර ගැන, නිෂ්පාදන ගැන, වෙළෙඳපල ගැන, කළමනාකරණය හා අලෙවිකරණය ගැන, ණය පහසුකම් ලබා ගැනීම ගැන ඉතා හොඳ පුහුණුවක් ලබා දෙනවා. ඒ වගේම ඔවුන්ට සාර්ථක ව්‍යවසායකයෙකු වීමට අවශ්‍ය මාර්ගෝපදේශයන්ද ලබා දෙනවා. ඒ වගේම ව්‍යාපාර ආරම්භ කරන්නට අවශ්‍ය වන ප්රාග්ධනය සඳහා මූල්‍යාධාරයක් ලබා දෙනවා. අපි ගෙවී ගිය කාලය තුළ සරසවි උපාධාධාරීන් 100 කට ආසන්න පිරිසකට මේ ආකාරයට පුහුණුව සමඟ මාර්ගෝපදේශන හා ආධාර මුදල් පිරිනමා තියෙනවා. අපි අද මේ සරසවි උපාධිධාරීන් 32 කට රු. 150,000.00 බැගින් රු. 4,484,500.00 ක මුදලක් ආධාර වශයෙන් ලබා දෙනවා. අද මම හුඟක් සතුටු වෙනවා. අපේ රටේ වටිනාම සම්පතක් වන සරසවි උපාධිධාරීන්ට ඔවුන්ගේ දැනුම භාවිතා කරලා තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරලා රජයටවත්, අනෙක් කාටවත් අත නොපා තම දෙපයින් නැගී සිටීමට පියවර ගෙන තිබීම ගැන. අපේ රට ආර්ථික වශයෙන් සවිමත් කරමින් සංවර්ධනය කරන්න පුලුවන් වන්නේ, අපේ තරුණ පරපුරෙන් මේ ආකාරයට ප්‍රයෝජනය ගැනීමට වැඩ පිලිවෙලක් යෙදීමෙන් පමණයි. ඒ නිසා අද ආධාර උපකාර ලබන ඔබ අනාගතයේදී මෙරට සාර්ථක දක්ෂ උපාය මාර්ගික ව්‍යවසායකයෙකු වන බවට ස්ථිර අධිෂ්ඨානයක් ඇති කර ගන්න ඕන." යැයි පැවසීය.
මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්. තාජුඩීන්, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ NEDA සභාපති ඕමාර් කාමිල්, අධ්යක්ෂ ලක්ෂමන් විජේවර්ධන හා ඉන්සී (Insee) සිමෙන්ති සමාගමේ විධායක උප සභාපති ජාන් කුනිග් (Jahn Kunigk) මහත්වරු සහභාගී විය.