නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා ධීවර සංස්ථාව සහන මිලට මසුන් අලෙවි කිරීමෙන් අවුරුදු සමයේ මත්ස්‍ය මිල ගණන් ඉහළ යාම පාලනය වුණා

    අප්‍රේල් 18, 2018

    ලංකා ධීවර සංස්ථාව නව අලුත් අවුරුදු සමයේ මත්ස්‍ය වර්ග කිහිපයක් සහන මිලට සැපයීමට පියවර ගැනීම හේතුවෙන් වෙළෙඳපොලේ මත්ස්‍ය මිල ගණන් ඉහළ යාමට ඉඩ නොදී ස්ථාවරව තබා ගැනීමට හැකි වූ බව ධීවර හාජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ අද දින (18) අමාත්‍යාංශයේ දී පැවැති උත්සවයකට සහභාගි වෙමිනි. සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමෙන් අනතුරුව නව වසරේ රාජකාරි ඇරඹීම වෙනුවෙන් එම අමාත්‍යාංශයේ සේවක
    මණ්ඩල විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිනි.

    මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා-
    පසුගිය වසර කිහිපය ගත්විට උත්සව සමයේ ඇතැම් වෙළෙදුන් විසින් මත්ස්‍ය මිල ගණන් ඉහළ නංවමින් මහජනතාව ගසා කන බව පෙනී ගියා. එමනිසා වෙළෙදපොලේ මාළු මිළ ගණන් ඉහළයාම පාලනය කිරීමට වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස මම ලංකා ධීවර සංස්ථාවට උපදෙස් දුන්නා. ඒ අනුව වැඩිපුර පාරිභෝජනය කරන මත්ස්‍ය වර්ග 04ක් සහන මිලට ලබා දීමට අපි පියවර ගත්තා.

    ඒ හේතුවෙන් පුද්ගලික අංශයේ වෙළෙඳුන්ටත් අපේ මිල ගණන්වලටම මාළු අලෙවි කරන්නට සිදුවුනා. ඒ වගේම මෙවර උත්සව සමයේ ලංකා ධීවර සංස්ථාව වාර්තාගත ආදායමක් උපයා තිබෙන බව අපිට තොරතුරු ලැබී තිබෙනවා. තවමත් උත්සව සමය අවසන්ව නැති නිසා එම ආදායම් තත්ත්වයන් ඉදිරියේ දී අපි ප්‍රකාශයට පත්කරනවා.

    ලංකා ධීවර සංස්ථාව කියන්නේ වසා දැමීමට නියමිතව තිබු රාජ්‍ය ආයතනයක්. සාමාන්‍යයෙන් රාජ්‍ය ආයතන කියන්නේ ලාභ ලැබිය හැකි ආයතන නොවන බවට මතයක් රටේ තිබෙනවා. රාජ්‍ය ආයතනයක් වශයෙන් පළමු වතාවට ලංකා ධීවර සංස්ථාව ලාබ උපයා සේවක පිරිස්වලට හිග වැටුප් මෙන්ම පාරිතෝෂික දීමනාත් ලබා දුන්නා. ඒ වගේම දැන් එම සංස්ථාවේ ඉළක්කය ස්ථාවර ගිනුමක් පවත්වාගෙන යාම මගින් එම සංස්ථාව ස්ථාවර මට්ටමට ගෙන ඒමයි.

    මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතා ඇතුළු සියලුම නිලධාරින් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya