ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරින්ගේ සහ සිවිල් කාර්යමණ්ඩලයේ සහභාගිත්වයෙන් ආගමික වතාවත් සිදුකර, සම්ප්‍රදායානුකූලව මගුල් බෙර වාදනය මධ්‍යයේ පොල්තෙල් පහන්සිළු දැල්වීමෙන් අනතුරුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් නිලධාරීන් හට නව අවුරුදු ශුභාශිංසන එක් කරන ලදී. අනතුරුව පැවති තේපැන් සංග්‍රහයෙන් පසුව හිස තෙල් ගෑමේ චාරිත්‍රය පෙ.ව 10.16 ට යෙදුන සුභ මොහොතින් සිදු කළේ ය.